අවුරුදු ගණනාවක් චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වුණු ඔසප් වීම නවතින කාලයක් එනවා. එය හැදින්වෙන්නේ ආර්තවහරණය යනුවෙන්.
සාමාන්‍යයෙන් අවුරුදු 50 වන විට බෙහෝ ස්ත්‍රීන්ට ආර්තවහරණය සිදු වනවා. තවත් අයට ඊට අවුරුදු කිහිපයකට කලිනුත් ආර්තවහරණය වෙන්න පුළුවන්.
මේ ආර්තවහරණය සිදු වෙන්න අවුරුද්දක දෙකක කාලයට කලින් හෝමෝන වෙනස්කම් ඇති වෙනවා. මේ කාලයට කියන්නේ පූර්ව ආර්තවහරණය කියලා.
ආර්තවහරණය සිදුවුණ බවට ගණන් ගන්නේ සම්පූර්ණ වසරක් පුරාවටම ඔසප් වන්නේ නැතිව ගත කළාට පසුවයි.
ආර්තවහරණ සමයේ ඇති වන ලක්ෂණ
වරින් වර ඇඟ උණුසුම් වී දහඩිය දැමීම, අධික හෘද ස්පන්ධනය
ඔසප් වීමේ වෙනස් වීම් ( අධික හෝ අඩ රුධිර වහනය, අක්‍රමවත් රුධිර වහනය )
හන්දි, අතපය වේදනාව
මානසික ව්‍යාකූලත්වය, පහසුවෙන් කළබල වීම, විශාදය, නිකරුණේ දුක් වීම
නින්දයාමේ අපහසුතා
ලිංගික ඇසුර පිළිබද උදාසීනත්වය සහ අපහසුතා
මේවාට අමතරව ආර්තහරණ සමයේදී කසින, කිවිසෙන විට ඉබේ මුත්‍රා පිටවීම සහ නිතර මුත්‍රා දැවිල්ල, මුත්‍රා මාර්ගයේ ආසාදන ඇති වීමට පුළුවන්.
මේ සියල්ලටම ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ළගම ඇති MOH සායනයෙන් උපදෙස් ලබා ගන්න.
ශ්‍රී ලංකා ආර්ථවහරණ සංගමය මගින් ප්‍රකාශයට පත් කර ඇති ‘ආර්තවහරණය සහ මිහිරි මැදිවිය’ පොත බාගත කර ගන්න.