ඔසප් කෝප්පය – සිලිකන් හෝ ස්වභාවික රබර් වලින් නිෂ්පාදනය කර ඇති කොපුවක් වැනි මේ උපකරණය යෝනි මාර්ගයට ඇතුළු කළ හැකි වන සේ නිර්මාණය කරන ඇත. ඔසප් කෝප්පයක් පැය 8 – 10ත් අතර කාලයක් පැළදගෙන සිටීමට පුළුවන්. රුධිරයට වැඩියෙන් පිටවනවා නම් ඔසප් කෝප්පය පැය 6කින් වුවත් ගලවා නැවත පැළද ගැනීමට හැකියි.
2. ඔසප් කෝප්පය තද කර හෝ නවා එය සිහින් කරගෙන, ඔබේ ඇඟිලි භාවිතයෙන් යෝනි මාර්ගය තුළට සෙමින් ඇතුළත් කරන්න.
ඔබ භාවිතා කරන ඔසප් කෝප්පය සමඟ ලබා දී ඇති උපදෙස් අනුව, කෝප්පය නිවැරදි ලෙස නවන ආකාරය සහ යෝනි මාර්ගය තුළ නිවැරදි ස්ථානයේ තැබිය යුතු ආකාරය අනුගමනය කරන්න.
ඔබ සැහැල්ලුවෙන් සහ ආතතියකින් තොරව සිටින විට, ඔසප් කෝප්පය යෝනි මාර්ගයට ඇතුළත් කිරීම වඩාත් පහසු වනවා.
ඔබට එය ඇතුළත් කිරීමට අපහසු නම්, ඔබ විශ්වාස කරන සෞඛ්‍ය සේවා සපයන්නෙකු හෝ ඔසප් කෝප්ප භාවිතය පිළිබඳ දැනුමක් ඇති පුද්ගලයෙකුගෙන් එය නිවැරදිව භාවිතා කරන ආකාරය පිළිබඳ උපදෙස් ලබා ගැනීමට පුළුවන්.



