
දියුණු එච්අයිවී ප්‍රතිකාර ලබා ගැනීමට හරහා සෞඛ්‍යයමත් සහ ඵලදායී ජීවිතයක් එච්අයිවී සමග ගත කිරීමට දැන් හැකියාව ඇත. මේ නිසා එච්අයිවී සමග ජීවත් වන ඔබට ඔබේ අධ්‍යාපන හෝ රැකියා කටයුතු දිගටම කර ගෙන යාමට, ලිංගිකව හැසිරීමට, එච්අයිවී නොමැති දරුවන් ලැබීමට සහ අනෙත් අය මෙන් දිගු කාලයක් ජීවත් වීමටත් පුළුවන්.
එච්අයිවී, ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිදන්ගත රෝග තත්ත්වයක් ලෙස නම් කර ඇති බව මතක තබා ගන්න. නිදන්ගත තත්ත්වයක් යනුවෙන් හැදින්වෙන්නේ සුව කළ නොහැකි නමුත් පාලනය කළ හැකි රෝග තත්ත්වයන්. ප්‍රතිකාර වලට අමතරව, එච්අයිවී තත්ත්වය පාලනය කිරීම සදහා එදිනෙදා ජීවිතයේ සචේතනික වෙනසක් ඇති කර ගත යුතු වනවා. සෞඛ්‍යමත්ව සිටීම පිළිබද ඔබට වැඩි අවදානයක් යොමු කරන්නට සිදු වේවි.
ඔබ එච්අයිවී සමග ජීවත් වනවා නම් ප්‍රතිකාර විකල්පය පිළිබද ඔබේ වෛද්‍යවරයා සමග කතා කිරීම වැදගත්. . ඔබේ ජීවිතය සාර්ථකව ගත කිරීමටත් ඔබේ සහකරු/සහකාරිය සහ දරුවන් වෙත එච්අයිවී සම්ප්‍රේෂණය වීම වැලැක්වීමටත් ප්‍රතිකාර වලට පුළුවන්. ශ්‍රී ලංකාවේ රජය විසින් එච්අයිවී ප්‍රතිකාර නොමිලේ ලබා දෙන අතර දිවයිනේ රෝහල් ගණනාවකින්ම ඖෂධ ලබා ගත හැකිය.
ඔබ ප්‍රතිකාර නිවැරදිව පිළිදිනවා නම් ඔබෙන් වෙනත් පුද්ගලයෙකුට එච්අයිවී සම්ප්‍රේෂණය වන්නේ නැහැ. එම නිසා ප්‍රතිකාර පිළිබද ඔබට ඇති ගැටළු වෛද්‍යවරයා සමග සාකච්ඡා කොට ප්‍රතිකාර නිවැරදිව පිළිපැදීම ඉතාම වැදගත්ය.
2017 ජාත්‍යන්තර ඒඩ්ස් සමාජ සම්මේලනයේදී ඉදිරිපත් කළ අධ්‍යයන වාර්තා වලට අනුව එච්අයිවී ප්‍රතිකාර ලබා ගෙන එච්අයිවී වෛරස් මට්ටම හදුනාගත නොහැකි මට්ටමට පත් වී ඇති පුද්ගලයෙකුගෙන් වෛරසය වෙනත් අයට සම්ප්‍රේෂණය වන්නේ නැහැ.