ඔසප්දින වලදී සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව පවත්වාගන්නේ කෙසේද?

 

 

ඔසප් වීමේදී නිසි සනීපාරක්ෂාව පවත්වා ගැනීම අපගේ ශාරීරික හා චිත්තවේගීය යහපැවැත්ම සඳහා ඉතා වැදගත් වනවා. ඔසප් දිනවලදී සනීපාරක්ෂාව පවත්වා ගත යුතු ආකාරය පිළිබද බෙහෝ වැරදි මත සමාජයේ තිබෙනවා. මේ කාලයේදී නෑම සුදුසු නැති ඒ අතරින් ප්‍රධානයි. එය විද්‍යාත්ිමකව ඔප්පු කළ දෙයක් නොවේ. උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි අසනීප වලදී නෑමෙන් වැළකීම සුදුසු වුණත්, ඔසප් වීම නිසා ඇ සේදීම හෝ ස්නානය කිරීම නැවැත්විය යුතු නැහැ.

පුද්ගලික සනීපාරක්ෂාව: ඔසප් වීම සිදු වන කාලය තුළ පිරිසිදුව සිටීම ඉතාම වැදගත්. පිරිසිදු යට ඇදුම් ඇදීම වගේම ස්නානය කිරීම, කොණ්ඩය පීරීම, දත් මැදීම වැනි සාමාන්‍ය පුරුදු ඔසප් කාලය තුළ අතහරින්න එපා.

ඔබේ ඔසප් රුධිරය උරා ගැනීමට ඔබ කඩෙන් මිලදී ගත් පෑඩ් එකක් හෝ නිවසේදී  සකස් කර ගත් රෙදි කැබැල්ලක් පාවිච්චි කරනවානම් එය පැය 6කට වරක් වත් මාරු කරන්න. ඔසප් කෝප්පයක් භාවිතා කරනවානම් එය පැට 8 කට වරක් ගලවා සෝදා නැවත පළදින්න. ඒවා මාරු කිරීමේදී දෑත් හොදින් පිරිසිදු කර ගන්න අමතක කරන්න එපා. යෝනි ප්‍රදේශයත් මෘදු ලෙස පිරිසිදු කර තෙත මාත්තු කර ගන්න.

ඔබ භාවිතා කරන ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදනය කුමක් වුවත්, එය ඔබගේ ජීවිතය සුව පහසු කළ යුතු අතර ඔසප් වීම වඩාත් හොදින් කළමනාකරණය කිරීමට උපකාරී විය යුතුයි.

ඔබට වඩාත් ගැළපෙන එක් නිෂ්පාදනයක් තෝරා ගැනීමට නිෂ්පාදන කිහිපයක් භාවත කර බැලිය යුතු වනවා.

ඔබ භාවිතා කරන ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදනයක් නිසා ඔබට අපහසුතාවයක්, වේදනාවක් හෝ අසාමාන්‍ය ගැටලුවක් ඇති වන්නේ නම්, වෙනත් නිෂ්පාදනයක් භාවිතා කර බලන්න පුළුවන්.

ඔබගේ අවශ්‍යතා අනුව ඕනෑම අවස්ථාවක වෙනත් නිෂ්පාදනයකට මාරු වීමටත් පුළුවන්.

සෝදා නැවත භාවිත කළ හැකි  සනීපාරක්ෂක තුවා ගැන කියවන්න. 

ඔසප කෝප්පය ගැන කියවන්න. 

Social Share: