සංක්‍රාන්තික කාන්තාවන් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ හිංසනයට ලක් වෙනවා

2019 අප්‍රේල් 10.

ඉමාෂා පෙරේරා විසිනි.

ලංකාව තුල අද වන විට බාල, මහළු, තරුණ android දුරකථන හිමි සියලු දෙනා අතරම සමජ ජාලා වෙබ් අඩවි භාවිතය සීග්‍රයෙන් ඉහල ගොස් ඇත. කාර්යය බහුල දෛනික ජිවන රටාව තුල කාර්යය පහසු කර ගැනීම සඳහා හා පාළුව කාන්සිය මකා ගැනීමට බොහොමයක් දෙනා මෙම සමාජ ජාලා වෙබ් අඩවි භාවිත කලද නුතන සමාජය තුල බහුතරයක් තම රහස්‍ය ආශාවන් සපුරා ගැනීමට, සමාජයෙන් තමන් වසන් කල තමන්ගේ පැතිකඩක් විවෘත කිරීමට හා ලිංගික තෘප්තිය සදහා ද මෙම සමාජ ජාලා වෙබ් අඩවි භාවිතා කරයි. මූලික වශයෙන් මුහුණු   පොත, instergram, viber, watsapp, imo, snap chat මෙම කටයුතු සදහා යොදාගන්නා අතර බහුතරයක් තම අනන්‍යතාවය සගවා වෙනත් ව්‍යාජ අනන්‍යතාවයක් පිලිබ්බුකොට තම අවශ්‍යතාවය සපුරා ගනු ලබයි. ශ්‍රී ලංකාව තුල ගත් කල සංක්‍රාන්තික කාන්තාවන්ගෙන්  බොහෝ දෙනෙක්මෙම සමාජ ජාලා වෙබ් අඩවි වලින් එකක්හෝ කිහිපයක් පරිහරණය කිරීම සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත.

එනමුත් එක් පුද්ගලයෙකුගෙන් අනෙකාට මෙයින් බලාපොරොත්තු වන ප්‍රතිපල හාත්පසින්ම වෙනස්ය. විටෙක සමහරෙක් තම දෛනික ආහාරවේල සපුරාගැනීමට අවශ්‍ය මුදල් සෙවීමද මෙමගින් සිදු කරයි. ඔබ මම හොදින්ම දන්නා කාරණාවක් වනුයේ ලාංකික ජන සමාජය තුල සංක්‍රාන්තික සමාජභාවී කාන්තාවන්ට අවම පිළිගැනීමක් හා ගෞරවයක් ලැබෙන බවත් මෙම හේතුව නිසා කුඩා කාලයේදීම මොවුන් පවුලෙන් වෙන් වන ඉඩ කඩ වැඩි බවත් මෙයින් ඔවුන්ගේ අධ්‍යාපනය අඩපණ වන  බවත් අපයෝජනයන්ට හා ලිංගික අතවරයන්ට භාජනය වන බවත්ය. අකමැත්ත තිබුනද අවම රැකියා සුදුසුකම් නිසාත් ලිංගික වෘත්තියේ නියැලීමට යමෙක් පෙළබේ.සමාජ ජාලා වෙබ් අඩවි තුලින් තම සේවාදායකයා සොයා ගැනීම මොවුන්ට අද වන විට පහසුවට කරුණක් වී ඇත. තවත් සංක්‍රාන්තික කාන්තාවන් පිරිසක් තම සහකරුවා සොයාගැනීමට, තමන්ගේ තෘප්තිය සදහා ජායාරුප දැමීමට හා ප්‍රසිද්ධිය තකාද මෙම සමාජ ජාලා වෙබ් අඩවි පරිහරණය කරයි.

Screenshot 2019-05-23 14.26.41

මීට අමතරව තම ප්‍රජාව දැන හදුනා ගැනීමට, විලාසිතා දැන  හදුනාගැනීමට, තම අනන්‍යතාවය සගවා  තම ආශාවන් ලොවට හඩගා කීමටද මෙම සමජ ජාලා වෙබ් අඩවිබාවිතා කරයි. බහුතරයක් සංක්‍රාන්තික කාන්තාවන් තම සත්‍ය තොරතුරු සමාජ ජාලා වෙබ් අඩවි තුල ප්‍රසිද්ධියේ නොපැවසුවද කෙටි පණිවුඩ, සමාජ ජාලා වෙබ් අඩවි තුල පිළිසදරේ යෙදීමේදී, video දර්ශන හා සමාජ ජාලා වෙබ් අඩවි තුල සිදු කරන දුරකථන සංවාද මගින් තම අනන්‍යතාවය හා ජායාරූප හුවමාරුව සිදුකරනු ලබයි.

කෙතරම් සමජ ජාලා වෙබ් අඩවි පරිහරණය කලද ලාංකික සංක්‍රාන්තික සමජභාවී කාන්තාවන් බහුතරයකට තමන් පරිහරණය කරන එම වෙබ් අඩවි තුල ඇති ආරක්‍ෂිත ක්‍රම (security), පෞද්ගලිකත්වය රැකෙන සැකසුම් (privercy settings), හින්සනයකදී ගත යුතු ක්‍රියාමාර්ග හා දැනුවත් කල යුතු ආකාරය හා ක්‍රමවේදය, ගත යුතු ඉක්මන් හා ඵලදායී ක්‍රියා මාර්ගය පිළිබද අවබෝධයක් නැත. එපමණක් නොව එක් එක් සමජ ජාලා වෙබ් අඩවි තුල ඔවුන්ට හිමි ප්‍රතිපත්ති හා පිළිවෙත්, එම සමජ ජාලා වෙබ් අඩවි බාවිතා කරන්නන් හා එහි ඇති අනිසි ප්‍රතිඵලයන් පිළිබදවද මනා අවබෝදහයක් නොමැත.පෙර පැවසු ආකාරයට බහුතරයක් ව්‍යාජ ගිණුම් පවත්වාගෙන ගියද පෞද්ගලිකව ඔවුන් මෙම සමජජාලා වෙබ් අඩවි තුල සංවාදයේ යෙදීමේදී තම අනන්‍යතාවය හෙළිකිරීමෙන් මොවුන්ට හිංසනයන්ට භාජනය වීමට සිදු වේ.

Screenshot 2019-05-23 14.27.01

බහුතරයක් සංක්‍රාන්තික කාන්තාවන් මුහුණ පානා සමජ ජාලා වෙබ් අඩවි හිංසනයක් වනුයේ තමන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කොටගෙන තනි පුද්ගලයන් විසින්, කණ්ඩායමක් විසින් හෝ වෙබ් පිටුවක් පවත්වාගෙන යන්නෙකු විසින් හුදෙකුත් තම ප්‍රසිද්ධිය තකා, සංස්කෘතිය හා ආගම පදනම් කොටගෙන, තෘප්තිය සදහා හෝ පහත යටි අරමුණක් සදහා ඔවුන් පිලිබදව ඔවුන්ගේ ජයාරූප පලකොට හෝ අනන්‍යතාවය තහවුරු වන පරිදි පණිවුඩ හා අපහාසාත්මක ලිපි නිර්මාණය කර ප්‍රසිද්ධ කිරීමයි. මිට අමතරව පහත අරමුණු පදනම් කොටගෙන හෝ තම ලිංගික තෘප්තිය හා කාමාශා මත හුදෙකුත් පුරුෂයන් විසින් පවත්වාගෙන යන ව්‍යාජ සමජජාලා වෙබ් අඩවි ගිණුම් මගින් සංක්‍රාන්තික කාන්තාවන්ට සිදු කරනු ලබන හිංසනයන් අධිකය. ප්‍රථමයෙන් මිත්‍රශීලි ස්වභාවයෙන් සංවාදය ඇරබුනද තම අරමුණ ඉටු නොවන බව දැනගත් විට තර්ජනය කිරීම්, බලහත්කාරකම් සිදු කිරීම් හා කිරීමට මොවුන් පෙළබේ. උදාහරණයක් ලෙස ලිංගික අවශ්‍යතයන් මත මුහුණු පොතෙන් හමුවන පුද්ගලයෙකු හා මිත්‍ර වීමෙන් තම ජයාරූප පවා හුවමාරු කරගන්න තරුණියකට ඔහුගේ අවශ්‍යතාවය පැවසීමෙන් පසු එය ප්‍රතික්ෂේප කිරීම නිසා එම ජයාරූප ප්‍රසිද්ධ කරන බවත් තමන් විසින් එම සංක්‍රාන්තික තරුණියගේ අනන්‍යතාවය විදහා දක්වා අවමන් කරන බවත් පවසයි. ඔහුගේ අවශ්‍යතාවය සපුරාලුවද ඉන් නොනැවතී තම මිත්‍රයන්ගේද අවශ්‍යතා සපුරාලීමටද ඇයව භාවිත කල අවස්ථාද වාර්තා වී ඇත. මිට අමතරව පෙම්වතා හෝ සහකරුවා විසින් පටිගත කල වීඩියෝ පට සමාජ ජාලා වෙබ් අඩවි තුල යැවීමෙන් සිදු වූ හින්සනයන්ද දක්නට ලැබේ. එපමණක් නොව කන්තවන්ගෙන්ද හිංසනයන් සිදු වූ අවස්ථාවන් ඇත. එනම් තම පෙම්වතා හෝ ස්වාමියා සංක්‍රාන්තික තරුණියක් හා සමජජාලා වෙබ් අඩවියක් තුල මිත්‍රකමක් ඇති කරගත් බව දැනගත් විට චෝදනාව සංක්‍රාන්තික තරුණිය මත පටවා අයගේ ගිණුමේ තිර ජයාරූප (screenshots) ප්‍රචාරය කරමින් අයගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හැල්ලුවට ලක් කරමින් සමාජය තුල සන්කර්න්තික කාන්තාවන් පිලිබදව ව්‍යාජ ප්‍රතිරූපයක් ගොඩ නැගු අවස්ථාද වේ. මීට අමතරව අසභ්‍ය දර්ශන හා    ජයාරූප ඉල්ලා තර්ජනය කිරීම්, පණිවිඩ එවීම මගින් මානසිකව හිංසා කිරීමද සිදු කරයි.

 

මිට අමතරව වාචික හින්සනයන්ද, ප්‍රතිරූපයට හානි වන ආකාරයට විවිද පත්‍රිකා.( mems) නිර්මාණය කොට ප්‍රචාරය කිරීමෙන්ද සංක්‍රාන්තික කාන්තාවන් හිංසනයන්ට පත් වේ. මේ වන විට සමාජයෙන් පිළිගැනීමට කැමති හා පිළිගන්නා පිරිමි රාමුවෙන් පිට සිදුවන යම් දෙයක් වුවහොත් මෙම සංක්‍රාන්තික කාන්තාවන්ගේ ජයාරූප යොදා අපහාසාත්මක දැන්වීම් ප්‍රචාරණය බහුලව සිදු කරනු ලබයි. උදාහරණයක් වශයෙන් ඕපාදුප සෙවීම විවද මත පලකරන තරුණයන් හට චීත්ත අදින පිරිමින්, ගැහැණු වෙසින් සිටින පිරිමින් ආදී වශයෙන් පාටයන් යොදාගනිමින් ප්‍රචාරනයන් සිදු කරයි. මෙමගින් සංක්‍රාන්තික සමාජභාවී කාන්තාවන්ට මානසික වශයෙන් සමාජ ජාලා වෙබ් අඩවින්ගෙන් ඔබ්බට බාහිර ලෝකයේදී කායිකව, ලිංගිකව හා සමාජීය වශයෙන් හිංසනයන්ට හා අපයෝජනයන්ට ලක් වීමට සිදු වේ. මෙමගින් ඔවුන්ට ඉදුම් හිටුම් වාසස්ථාන අහිමි වීම, සමාජයෙන් කොන් වීම, ජිවිත තර්ජන හා ආතතිය, හිත මිත්‍රයන්ගේ වෙන් වීම්, සහකරුවන්ගේ වෙන්වීම් හා රැකියාවක නියලෙන්නේනම් එම ස්ථානයේදී ලජ්ජාවට පත්වීම, රැකියාව අහිමි වීම දක්වා අපහසුතාවයන්ට මුහුණ පෑමට සිදු වූ අවස්ථා ද ඇත.

මෙවැනි හිංසනයන්ට පත් වීමෙන් සංක්‍රාන්තික කාන්තාවන් මානසිකව, කායිකව හා සමාජීය වශයෙන් පරිහානියට ලක්වන අතර ලිංගාශ්‍රිත රෝග වැළදීමේ වැඩි ඉඩකඩ ප්‍රමාණයක්ද වේ.මෙවැනි හිංසනයන් හට පෙනී සිටීමට ලංකාව තුල ආයතන සුලබ නොවුවත් ජාතික සංක්‍රාන්තික ස්මජභවි පුද්ගලයන්ගේ ජාතික ජාලය (National Transgender Network Sri Lanka) වැනි ඔවුන් වෙනුවෙන්ම පෙනී සිටින ආයතන දැනුවත් කිරීම මගින් තම අසාධාරනයන්ට විරුද්ධව හඩ නැගිය හැක. මීට අමතරව කාන්තා හා ළමා අපචාර ඒකකය, මානව හිමිකම් කොමිසම හා පොලිසිය දැනුවත් කිරීම මගින්ද සහනයක් ලබා ගත හැක.එනමුත් අද වන විට වාර්තා වී ඇති හිංසනයන් ගණන හා විසදුම් ලැබී ඇති සංක්‍යාලේඛන සංසන්දනය කල විට ඉතා අඩු පිරිසකටපමණක්තම හිංසනයට පිළිතුරු ලැබී ඇති බව පෙනී යන කරුණකි. මිට එක හේතුවක් වනුයේ තමන්ට සිදු වූ අසාධාරනයට නීතිමය ක්‍රියාමාර්ග කරා ගෙනයාමේදී පොලිසිය විසින් කුතුහලය හා නොදැනුවත්කම මත නැවත නැවතත් ප්‍රශ්න කිරීමෙන් පුද්ගලයා නැවත නැවතත් හිංසනයට පත් වීම හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පැමිණිල්ල යටපත්කොට සමතයකට පත් කිරීමයි. මෙම හේතුන් මත බහුතරයක් හිංසනයන්ට පත්වන සංක්‍රාන්තික ස්ත්‍රීන් තම සමාජ ජාලා වෙබ් අඩවි ගිණුම අක්‍රිය කොට නව ගිණුම් ආරම්භ කිරීම, අනන්‍යතාවය වෙනස්කොට වෙනත් නමකින් පෙනී සිටීම හෝ භාවිත නොකිරීමට පෙළබේ. මෙමගින් පෙනී යන්නේ සංක්‍රාන්තික පුද්ගලයන් පිළිබඳව සමාජයේ ඇති නොදැනුවත්කම හා තාක්ෂණය දියුණු වුවද සමාජයේ ඇති නුගත්කමය.

53817018_2145887228832968_3046277778858049536_o ජාතික සංක්‍රාන්ති සමාජභාවී ජාලයේ ක්‍රියාකාරී සාමාජිකාවකි. මේ වන විට විවෘත විශ්ව විද්‍යාලයේ විලාසිතාකරණය පිළිබද උපාධිය හදාරමින් සිටී.

 

Two Blues [Converted]

Voices & Changes අරමුදලේ සහයෝගයෙනි.

Social Share: