2019 ජනවාරි 12.
ඉමාෂා පෙරේරා විසිනි.
අප කවුරුත් දන්නා ආකාරයට ශ්‍රී ලංකාව තුල පවතින සංස්කෘතික වටපිටාව, ආගම් පසුබිම, පුද්ගල ආකල්ප හා සාමජිය බලපෑම් මත දරුවෙකු සංක්‍රාන්තික වූ විට ඔහුගේ හෝ ඇයගේ පවුල විසින් එම සංක්‍රාන්තික බව නැති කිරීමට දරුවට මානසිකව හා කායිකව බලපෑම් සිදු කරන අතර විටෙක දරුවා මනෝ වෛද්‍යවරයෙකු සදහා ප්‍රතිකාර කිරීමටද ගෙන යයි. මෙම මානසික අහ කායික හිංසනයන් නිසා නිවසෙන් පිටවන බහුතරයක් සංක්‍රාන්තික සමජභාවී කාන්තාවන්ට මෙම අවස්ථාවේ සිට අධ්‍යාපනය අඩපණ වීම සුලබ කරුණකි. එනම් පවුල් පසුබිමෙන් වෙන්වීමත් සමගම තම ආර්ථික මට්ටම, රැකවරණය හා ලැබුන සහයෝගය නැති වීමත් මත සංක්‍රාන්තික තරුණියන්ගේ අධ්‍යාපනය අඩපණ වන අතර ද්යෛනික ජීවිතය ගැට ගසා ගැනීමට හා හිසට සේවනක් ලබා ගැනීම ඇයගේ මුලික අරමුණ වේ. මෙහෙදී කෙතරම් අධ්‍යාපනයට දක්ෂ වුවද, සහජ හැකියාවක් සංක්‍රාන්තික තරුණිය තුල වුවද, ඇය බාහිර සමාජයේ තනිවීම හේතුවෙන් ඇයට තනිව නැගී සිටීමට කාලයක් ගත වේ. මෙම කාලය ගතවීමත් සමග අධ්‍යාපනයට තිබෙන ආශාව අඩු වන අතර ඇය නැවත අධ්‍යාපනයට නැබුරු වීමට උත්සහ ගන්නා විට අයගේ වයස ගෙවී තිබීමෙන් ලැජ්ජාව හා රැකියාවක් කරන්නේනම් එම රැකියාවෙන් තමන්ට ලැබීණ වැටුපෙන් ඇය තෘප්තිමත් වේනම් ඇය කිසිදු විටෙක නැවත අධ්‍යාපන කටයුතු වල නිරිත වී විශ්ව විද්‍යාල අධ්‍යාපනය සිදු කර උපාධියක් ලබා ගැනීමට කටයුතු නොකරයි. පවුලෙන් නෙරපූ පසු තමන් විදි දුක් ගැහැට මත හා ලද අත්දැකීම් පදනම් කොටගෙන ඇය ජිවත් වන වර්තමාන සමාජය හා සමාජ ස්ථාවරත්වය මත ඇය මෙසේ කිරීමට පෙළබේ.

ඉහත සදහන් කල ආකාරයට සංක්‍රාන්තික වීමත් සමග සංක්‍රාන්තික තරුණියව නිවසෙන් නෙරපන අතර ඇය මහ මගට හෝ තම යෙහෙළියකගේ රැකවරණය හා උපකාරය මත ජීවිතය ගැට ගසා ගනී. මුදල් අවශ්‍යතා දිගින් දිගටම පැන නැගීම හේතුවෙන් ඇය රැකියාවක් කිරීමට පෙලබෙන අතර අධ්‍යාපනය අඩපන වීමත් සමග රැකියාවක් සදහා ඇයට අවම සුදුසුකම් තිබීමත් හා තමන්ගේ යෙහෙලියන් හා සමීපතම සංක්‍රාන්තික තරුණියන් සිදු කරන රැකියාව සිදු කිරීමට සංක්‍රාන්තික තරුණිය පෙළබේ. මෙහෙදී බහුතරයක් සංක්‍රාන්තික තරුණියන් ලිංගික ශ්‍රමය ලබා දීමට, පෙරහැර ඇතුළු විදී නර්තනයට, සම්භාහන ආයතන තුල රැකියා කිරීම, රුපලාවන්‍ය කටයුතු යන රැකියා සදහා තම කාලය හා ශ්‍රමය යොදවයි. මෙම රැකියා තෝරා ගැනීම පිලිබදව කිසිදු වැරද්දක් නොවන අතර මින් සිදුවන අතුරු ප්‍රථිපලයක් නම්, අධ්‍යාපනය වැඩි දුර හැදෑරීමට මැලි වීම, මත් ද්‍රව්‍ය හා මත්පැන් බීමට ඇබ්බැහි විම, දුම්වැටි භාවිතය, ලිංගාශ්‍රිත රෝග බෝ විම හා තම සංක්‍රාන්තික ගමනේ ඉදිරියට නොයෑමයි. සැම විටම සංක්‍රාන්තික තරුණියක් තම මනසේ තබා ගත යුත්තේ තමන් සංක්‍රාන්තික වීමත් සමග තමන් සමාජයේ තනි පුද්ගලයෙකු වීමත් වර්තමාන සමාජය තුල තමන් මුල්‍යමය හා සමාජීය වශයෙන් ස්ථාවර වීමත් මත තමන්ට තම ජිවිතයේ අහිමි වූ දෑ සියල්ලක්ම හෝ කිහිපයක් ලගා කරගත හැකි බවත්ය.
එනම් උපදෙසක් වශයෙන් මා විසින් සංක්‍රාන්තික තරුණියන්ට පවසනුයේ තමන් කිනම් රැකියාවක නියලුනද තමන් තමන්ට මුලිකත්වය ලබා දී ප්‍රථමයෙන් තමන් සිදු කරන රැකියාව හා සම්බන්ධව හෝ තමන්ට සහජ කුසලතාවයක් වේනම් එය හෝ ප්‍රගුණ කර එම විෂයෙහි ප්‍රවීණයෙක් වීමට උත්සහ ගත යුතු බවය. උදාහරණයක් ලෙස සම්භාහන ආයතනයක සේවය කරන සංක්‍රාන්තික තරුණියක් නම් ලැබෙන ආදායමෙන් සුළු මුදලක් හෝ ඉතිරි කොට එය අධ්‍යාපනයට යොදවා සම්බාහන කාර්ය ඉහලටම හැදෑරීම හෝ වෙනත් ශේස්ත්රයක් හැදෑරිය යුතු බවය.බහුතරයක් සංක්‍රාන්තික තරුණියන්ගේ අදහස වනුයේ එසේ කිරීමට තමන්ට ලැබෙන මුදල ප්‍රමාණවත් නොවන බවත්, අධ්‍යාපනය ලැබීමට තම බාහිර රූපය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය බාදාවක් වන බවත්ය. කිසි විටෙක තමන් පිලිබදව අවතක්සේරු නොකරන්න වර්තමාන සමාජයේ සාර්ථක වූ සංක්‍රාන්තික තරුණියක් වේ නම් ඇය මටසිලටු මාවතකින් නොව රළු මාවතක් ඔස්සේ එම ගමන ආ බව මතකයේ තබා ගත යුතුය. උදාහරණයක් වශයෙන් විලාසිතා ලොව ජයගත් යාරා මෙනවිය, සම්මානනීය නිලි භූමි මෙනවිය, නර්තන ශිල්පිනි බුද්ධි මෙනවිය වැනි සංක්‍රාන්තික තරුණියන් අපමණ දුක් ගැහැට විද මෙම ස්ථානයට ලගා වී ඇත. අරපිරිමැස්ම ගැහැනියක් සතු ඉහලම ගුණාංගය වේ, එනම් සංක්‍රාන්තික ස්ත්‍රීන් වන අපටද ලැබෙන රුපියල් 100 පවා අරපිරිමැස්මෙන් භාවිත කිරීමට සහජයෙන්ම හැකියාව ලැබී ඇත. සිතන්න මුල් කාලයේදී තමන්ට යන එනමක් නොවූ අවදියේදී දිනකට රුපියල් 200 ක් ලැබුනද එය අරපිරිමැස්මෙන් කොටස් කොට වියදම් සිදු කළා නම් රැකියාවක් සිදු කරන විට එය අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට හැකියාවක්ද ඇත. මුල් අවදියේදී ඕනෑ එපාකම් සිමා කිරීම මගින් මෙම මුදල් අධ්‍යාපනයට ආයෝජනය කිරීමට හැකියාවක් ඇත.සැම විටම මතකයේ තබා ගතයුතු වන්නේ දැනුම යනු කිසි විටෙක යල් පැන නොයන දෙයක් බවත්, අධ්‍යාපනය යන ආයුධය තරම් බලවත් ආයුධයක් ලොව නොවන බවත්, විශේෂයෙන් සමාජය තුල දැනුමෙන් පෝෂිත සංක්‍රාන්තික කාන්තාවක් වීනම් ඇයට ඇයගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පසෙකලා සමාජයේ ඇයට හිමි නිසි තැන ලැබෙන බවත්ය.
අධ්‍යාපනය හැදෑරීමත් සමගම තම දැනුම වර්ධනය වීම තුලින් හා තම රැකියාව තුලින් අත්දැකීම් වැඩි වීමත් සමග තමන්ගේ ආදායම් මාර්ගයත් පුළුල් කර ගත හැකි වන අතර එවිට නිරන්තරයෙන්ම සිදු කිරීමට පෙලබිය යුත්තේ තමන්ටම කියා ව්‍යාපාරයක් හෝ ස්වයන් රැකියාවක් ආරම්භ කිරීමට කටයුතු සම්පාදනය කර ගැනීමයි. උදාහරණයක් වශයෙන් රුපලාවන්‍ය කටයුතු තම රැකියාව ලෙස සිදු කරන සංක්‍රාන්තික තරුණියක් වේ නම් අධ්‍යාපනය ප්‍රගුණ කිරීමත් සමග තම රාජකාරී වේලාවෙන් පසු අසල්වාසීන්, තම සංක්‍රාන්තික යෙහෙලියන් හා මිතුරන් දැනුවත් කොට සුළු වශයෙන් පුද්ගලිකව රුපලාවන්‍ය කටයුතු සිදු කිරීමත්, තම රැකියා ස්ථානයට පැමිණෙන සේවාදායකයන්ට එය දැනුවත් කිරීමත්ය. මෙමගින් කලක් යත්ම තමන්ටම කියා සේවාදායකයන් පිරිසක් ඇති වන අතර ඔවුන් තමන්ගේ සේවාවේ ප්‍රමිතිය මත දිගින් දිගටම තමන් වෙත ඇදී එනු ඇත.මෙලෙස ස්ථාවර වීමෙන් සුළු වශයෙන් තමන්ටම කියා රුපලවන්යගාරයක් ආරම්භ කරගත හැකි අතර මුදල් කළමනාකරණය හා ඉතිරි කිරීම මත ව්‍යාපාරය පුළුල් කොට මහා පරිමාණ ව්‍යාපාරයක් දක්වා ගෙන ගිය හැක. මෙම අවස්ථාව වන විට සංක්‍රාන්තික තරුණියට ප්‍රසිද්ධිය, මුල්‍යමය අතින් ස්ථාවර වීම මත ඇයට පිළිගැනීමක් හිමි වන අතර මුදල් ආයෝජනය තුලින් තම සාර්ථකත්වය රදා පවත්වා ගත හැක. අධ්‍යාපනය මෙතෙකින් නිමා කොට වෙනත් ශේස්ත්රයක් ඔස්සේ හෝ අඛණ්ඩව සිදු කිරීමෙන් මුදල්ද තමන් සතු වීමෙන් තම ව්‍යාපාරය වැඩි දියුණු කරගත හැක.
තම සාර්ථකත්වය දිගින් දිගටම තබා ගැනීමටනම් සංක්‍රාන්තික තරුණිය නිරන්තරයෙන් සිතිය යුතු වන්නේ තමන් ලබා දෙන සේවාව හෝ භාණ්ඩය නියමිත ප්‍රමිතියෙන් දිය යුතු අතර, සියලුම සේවාදායකයන්ට සමානාත්මකතාවයෙන් හා රාජකාරීමය වශයෙන් පමණක් සම්බන්ධතාවය පැවැත්විය යුතු බවත්ය. මීට අමතරව නිරන්තරයෙන් ශ්‍රී ලංකාවේ නීතියට පටහැනි කිසිදු කල් ක්‍රියාවක් තම රාජකාරි වේලාව තුල හා රැකියා ස්ථානයේ සිදු නොකිරීම හා අනුබල නොදීමත්, විශ්වසනීය බව හා පාරිභෝගිකයා පිලිබදව අධ්‍යනය කොට අවබෝධයක් ලබා ගැනීමත්ය. එපමණක් නොව මුල අමතක නොකිරීම මගින්, නිරන්තරයෙන් තමන් පටන් ගත ස්ථානය සිහිපත් කොට එම අවදියේදී තමන්ට වූ වෙනස්කොට සැලකීම් හා හිංසනයන් තමන් සතර වූ පසු සිදු නොවුයේ නම් අවම වුයේ නම් එයට හේතුව තම සාර්ථකත්වය බව මතකයේ තා ගනිමින් එය නැවත ගිලිහීමෙන් පෙර සිටි තත්වයට නැවත පත්වන බවත් සිතා සංක්‍රාන්තික තරුණිය අඩියක් ඉදිරියට මිස පිටුපසට තැබීමට නොසිතිය යුතුය. එසේම සමාජයෙන් පිළිගැනීමක් හා කිසිදු කරදරයකින් තොරව වෙසිමටනම් ඇය තම රැකියාව තම ආත්මය මෙන් ක්‍රමානුකුලව සිදු කල යුතු අතර තමන් සාදාගත් නාමය පලුදු වීමට ඉඩ නොතැබිය යුතුය. පුද්ගලික ජීවිතය හා රැකියාව/ව්‍යාපාරය සම්බන්ධ කර නොගතයුතු අතර නිවැරදි මාර්ගය ඔස්සේ පියනැගීම හේතුවෙන් ජීවිතය ජය ගැනීමට හැකියාව ඇත. තමන් ධහිර්යමත්ව නැගී සිටින්නේනම්, තම දියුණුව තකා කටයුතු කරන්නේනම් සංක්‍රාන්තික තරුනියකටද දිනෙක සමාජය හා තම සිහිනයන් ජයගෙන සාර්ථක දිවි පෙවතක් ගත කිරීමට හැකියාව හිමි වනු ඇත.
![]() |
ජාතික සංක්‍රාන්ති සමාජභාවී ජාලයේ ක්‍රියාකාරී සාමාජිකාවකි. මේ වන විට විවෘත විශ්ව විද්‍යාලයේ විලාසිතාකරණය පිළිබද උපාධිය හදාරමින් සිටී. |
![]() |
Voices & Changes අරමුදලේ සහයෝගයෙනි. |



![Two Blues [Converted]](http://old.bakamoono.lk/siadmin/wp-content/uploads/2018/10/Two-Blues-Converted-2.png)