2019 ජනවාරි 10.
නුවනි නිමේෂා විසිනි.
ලාංකීය පුරුෂ මූලික සමාජ ක්‍රමය තුළ සමාජ සේවය තුළ කාන්තාව කොතනකද යන්න විමසුමට ලක් කරන විට එය ඉතාම අඩු ප්රවණතාවයකි.උපතින් කාන්තාව සහ පිරිමියා එක සමාන ජීවීන්ය. නමුත් මෙලාව බිහි වු දා සිට ස්ත්‍රිය හා පුරුෂයා ලෙස වෙනස් කෙට සැළකීම ආරම්භ කරයි. ගැහැණු දරුවන්ට රෝස පාට ඇදුම්ද පිරිමි දරුවන්ට නිල් පාට ඇදුම්ද අන්දවා පටන් ගන්නා මෙම වෙනස් කොට සැලකීම අවසානයේකාන්තාව දෙවනි පංතියේ ජීවියෙක් ගානට පහත් කොට සළකනු ලබයි.
කුඩා කළ සිටම ගැහැණු දරුවන්ට සෙල්ලම් කිරීමට බෝනික්කන් හා ඉවුම් පිහුම් කට්ටල ගෙනවිත් දෙමින් පොඩි කළ සිටම ඔවුන්ගේ මනසට කාන්තාවකගේ භූමිකාව ලෙස පෙන්වන්නේ තම නිවසේ වැඩ කටයුතු කරමින් අනාගතයේ තම ස්වාමියාගේ හා දරුවන්ගේ වැඩ කටයුතු කරමින් නිවසට කොටු වී සිටින භූමිකාවකට හුරු කිරීමය.කෑ කෝ ගැසීම,හඩ නගා සිනාසීම,ක්‍රීඩා කිරීම,විනෝද වීම,නිවසින් පිටත ඇවිදින්නට යාම ඇයට නොහොබිනා දේවල්ය.අඩුම තරමේ ඇයට රිසි සේ ඇදුමක්වත් ඇදීමට අවසර නැත.
කුඩා කළ සිටම දැරිවිය තම පියාගේ සහ වැඩිමල් සහෝදරයන්ගේ අණසකට යටත්ව සිටිය යුතු ඇය විවාහ වූ පසු තම සුවාමියාගේ අණසකට යටත්ව සිටිය යුතුය.හවස හයෙන් පසු නිවසින් පිටත සිටීමද ඇයට තහනම්ය.නිවසේ වැඩ කටයුතු , ඉවුම් පිහුම් කටයුතු, රෙදි සේදීම,අතු පතු ගෑම,දරුවන් හැදීම සහ ස්වාමියාගේ වැඩ කටයුතු කරමින් නිවසට වී සිටිය යුතු භූමිකාවක් මෙරට සමාජය කාන්තාවකගේ භුමිකාව ලෙස හුවා දක්වයි.මේවා කාගේ නියමයන්ද කාගේ නීතින්ද?හුදෙක්ම පුරුෂ මූලික සමාජ ක්‍රමය මගින් ඔවුන්ගේ වාසි තකා නිර්මාණය කර ගත් නියැදීන්ය.මීට අමතරව නිවසේ ආර්ථික තත්වය මත මේ සියලුම වැඩ කටයුතුද නොපිරිහෙලා ඉටු කරමින් ඇය රැකියාවක්ද කළ යුතුය.
නමුත් පිරිමින්ගෙකුගේ භුමිකාව ලෙස මෙරට සමාජය ගෙන හැර දක්වන භුමිකාව මීට හාත්පසින්ම වෙනස් වූ දෙයකි. කුඩා කල සිටම වාහන තුවක්කු ආදිය සෙල්ලම් බඩු ලෙස ගෙනත් දෙමින් ඔවුනට පෙන්වන්නේ වෙනමම භුමිකාවකි.ඔවුන් ගෙදර දොර වැඩ කටයුතු උගත යුතු නැත.ඒවා කාන්තාවන් උගත යුතු ඒවාය.නිවසික් පිටතට ගොස් රාත්‍රියේ ඕනෑම වෙලාවක ඔහුට නිවසට පැමිණිය හැක. රංචු ගැසී රස්තියාදුවේ යාමටත්,ක්‍රීඩා කිරීමටත්,කෙල්ලන්ට උසුලු විසුලු කිරීමටත් ඔවුනට හැකිය.
කාන්තාවකගේ කන්‍යාභාවය විවාහ වන දිනයේ පරික්ෂා කර බලන්නේද මේ වෙනස් කර සැළකීමම නොවේද? මෙරට සමාජයට අනුව පිරිමියා කාන්තාවන් සියයක් සමඟ යහන්ගත වුවද ඔහුව නාවා ගෙට ගත් කළ ඔහු පිරිසිදුය. මහජන නියෝජිතයන් යැයි සැළකෙන ඇතැමුන් කාන්තාවන් සියයක් දූෂණය කොට එය සමරමින් සාද දැමුවේද එහෙනම් ඒ නිසා වන්නට ඇත.මේ කුමන අන්දමේ වෙනස් කොට සැළකීමක්ද?
ඇතැමුන් එය අර්ථ දක්වන්ෙන් සංස්කෘතිය කියාය.මගේ වචනයෙන් නම් සංස්කෘතිය යනු කෙහෙම්මලෙකි. හරිහැටි ඇදුම් පවා නොඇන්ද අතීත සමාජය කෙල්ලක් කොටට ඇදුමක් ඇන්දොත් ඇය සංස්කෘතිය කනවාය. එක ගෙයි කෑම පැවති අතීත සමාජයේ අද ඇගිල්ල දිගු කරන්නේ සංස්කෘතිය කියා කාන්තාවටමය.පුරුෂ මූලික සමාජ ක්‍රමය තුළ මේ සියල්ල ඔවුන්ගේ යහපත පිණිස ඔවුන් විසින් පනවන ලද සමාජ රිතීන්ය.
ගෘහස්ථ ප්රචණ්ඩත්වය ද මේ වෙනස් කොට සැළකීමේ තවත් ප්රතිඵලයකි.කාන්තාව පුරුෂයාට යටත්ව කීකරු බිරිදකගේ භුමිකාව රග දැක්විය යුතුය.ඔහුගේ ඹ්නෑ එපාකම් සියල්ල ඇය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවද නොපිරිහෙලා ඉටු කළ යුතුය. එයට විරුද්ධව හඩ නඟන කාන්තාවට ලැබෙන්නේ බොහෝවිට හොදවයින්ම කම්මුල් පහරකි. මේවා කුමන ආකාරයේ වෙනස් කර සැළකීමක්ද?උත්පත්තියේ සිට නිවසින් ආරම්භ කරන මේ වෙනස් කොට සැළකීම සෑම කේෂ්ත්‍රයකම දකින්නට ලැබේ.
සමාජ සේවය ගත් කළද තත්වය එසේමය.කාන්තා සංවිධාන හැරුනු කොට දේශපාලන පක්ෂ, රාජ්‍ය නොවන සංවිධාන,විවිධ සමාජ සුභ සාධන සංගම් වළ සාමාජිකත්වය සේම ඒවායෙහි තනතුරු දරන්නේද පිරිමින්ය.ඔවුනට අනුව කාන්තාවට ටමේවායේ වගකීම් දැරිය කොහැකිය.ඇය දුර්වලය.මෙවැනි දුර්මතයන් මෙරට සමාජයෙන් කවදානම් තුරන් වී යයිද? ඕනෑම කේෂ්ත්‍රයක් ගත් කළ මේ ආකාරයේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය පරතරය බෙහෙවින් වැඩිය.
අනෙක් කාරණය නම් කාන්තාව තම නිවෙස් වැඩ කටයුතු,තම දරුවනගේ හා ස්වාමියාගේ වැඩ කටයුතු කළ යුතුය.ඊට අමතරව ආර්ථියකටය මත රැකියාවක්ද කළ යුතුය.එවන් සුවිශාල වගකීම් ප්‍රමාණයක් දරන්නට වෙන කාන්තාවට සමාජ සේවය සදහා කාලයක් තිබේද යන්නද ගැටලුවකි.විය යුත්තේසැබෑ ලෙසම මෙය නොවේය.විකල්පයක් ලෙස නිවෙසේ වැඩ කටයුතුවුවද බෙදා ගැනීමක් තිබිය යුතුමය.දේශපාලන කේෂ්ත්‍රය ගත්තද තත්වය එසේමය.මහජන නියෝජිතයන් 225 දෙනෙකුගෙන් සමන්විත ලාංකීය පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 13කි. දේශපාලනය තුළ කාන්තාව කොතනකද යන්න ද විශාල ගැටලුවකි. මෙලෙස සිදු වන්නේ ඇයිදැයි යන්න මෙය කියවන ඔබම සිතා බැලිය යුතුය.
අනෙක් ගැටලුව නම් යම් කාන්තාවක්,තරුණියක් සමාජ සේවය තුළ කැපී පෙනෙයිද ඇයව ඇගයීමට ලක් කරනවා වෙනුවට ඇය ඉදිරියට ඒම වළක්වාලනු පිණිස දැන් දැන් මේ පුරුෂ මූලික සමාජය එයටද විකල්පයක් සොයාගෙන ඇත.එනම් ඔවුන්ගේ වචනයෙන්ම එහෙනම් ඇය බඩුවකි.වටේ යන එකියකි.ඒ අනුව ලිංගිකත්වය මූලික කර ගනිමින් ඇයට විරුද්ධව මඩ ගැසීමට තරම්ම ඔවුන් දුර්වලය.කුහකය.සමහර අවස්ථාවල පිරිමින්ගේ විවාහ යෝජනා, වෙනත් අයුතු යෝජනා ප්‍රතික්ෂේප කළ විටද ආදර සම්බන්ධතාවයක් නැවතුන පසුද අදාල පුද්ගලයන් ඇයව සමාජ ගත කරනුයේ ඒ ආකාරයෙනි. සැබෑ ලෙසම මේවායෙන් පෙනෙනුයේ පුරුෂාධිපත්යම නොවේද?
ඔවුන්ට අනුව මෙය පිරිටමින්ටම ගිය රටකි.පිරිමින් පමණක් නොව ඇතැම් කාන්තාවෝද පිරිමින්ට මුලු තැන දෙමින් ඔවුන්ට යටත්ව තම අයිතිවාසිකම් නොදැන සමාජ ගත විවිධ දුර්මතයන්ට සමාජයේ පවතින පුහු ආකල්ප නිසා පිරිමින්ට යටත්ව වහලුන් සේ ජීවත් වෙයි.එවන් වකවානුවක සමාජ සේවය තුළ කාන්තාවකගේ තැන කොතනකද යන්න ගැටලුවකි.
සැබෑ ලෙසම නිවසේ ඒතරම් වගකීම් සමුදායක් දරන කාන්තාව කෙලෙසකනම් සමාජ සේවය සදහා කාලයක් සොයා ගන්නද යන්න ගැටලුවකි.නිවෙස් වැඩ කටයුතු නිසැක ලෙසම බෙදාගෙන කිරීම නම් කළයුතුය.ජනගණය අනුව කාන්තාවන් වැඩිම පිරිසක් සිටිනා මේ රටේ කාන්තාව හා පිරිමියා වෙනස් කොට සැළකීම කෙදිනක නම් අහවර වනු ඇත්ද?පුරුෂයාට යටත්ව ජීවත් වීමට කාන්තාවට හුරු කර ඇති මේ සමාජය කෙදිනක නම් වෙනස් වනු ඇත්ද? එදිනට සමාජ සේවය තුළ කාන්තා ඉදිරියට එනු ඇත.මේ වහල් භාවයෙන් කාන්තාව මිදෙන්නේනම් කවදාද?මේ පවතින සමාජ ක්‍රමය වෙනස් කළ යුත්තේද අප විසින්ම නොවේද?
![]() |
ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ බමුණාකොටුව ප්‍රාදේශීය සම්මේලනයේ වත්මන් උප සභාපති තනතුර දරන ඇය අධ්‍යාපනවේදී විශේෂ උපාධිය හදාරමින් සිටී. |
![]() |
Voices & Changes අරමුදලේ සහයෝගයෙනි. |

![Two Blues [Converted]](http://old.bakamoono.lk/siadmin/wp-content/uploads/2018/10/Two-Blues-Converted-2.png)