2019 අප්‍රේල් 3.
ඉමාෂා පෙරේරා විසිනි.
ගෝලීයකරණය හා තාක්ෂණයේ දියුණුව තුලින් මානවයා නව නිර්මාණ බිහි කරනු ලබන අතර එම නිර්මාණ තුලින් කාර්යය පහසු කර ගැනීම පමණක් නොව තමන් නොදන්නා දේ ඉගෙන ගැනීමටද පෙළබේ. එමෙන්ම එක් දේශයක සිටින පුද්ගලයෙකු විටෙක තම දේශයට පමණක් සීමා වන අතර ඔහුට හෝ ඇයට වෙනත් දේශයක් පිලිබදව දැන හදුනා ගැනීම අපහසු කරුණකි. එනමුත් තාක්ෂනය දියුණු වීමත්, ගෝලීයකරණය තුලින් සංචාරය කිරීමෙන් තොරව තම නිවසේ හෝ සිටින ඕනෑම ස්ථානයක සිට අවශ්‍ය තොරතුරු දැන ගැනීමටද හැකියාව ලැබී ඇත.
ගෝලීයකරණය තුලින් සිදුවන ප්‍රධානතම කාර්යයන් වනුයේ ලෝකයේ එහා කොණේ සිට මෙහා කොණ දක්වා සම්බන්ධ කිරීමයි. සාමාන්‍යකරණය හා එක්සේසත් කිරීම, දේශපාලනික වශයෙන් යම් තාක් දුරකට හෝ සමානාත්මකතාවයක් ඇති කිරීම, දේශයන් අතර සමගිය, සමාදානය, සංහිදියාව ඇති කිරීම හා එකිනෙකාට ගෞරව කිරීමට පෙලබවිමද සිදු වේ. එමෙන්ම බහු සංස්කෘතික හා බහු ආගමික සමාජයක් තුල එකිනෙකා වර්ග නොකිරීමට, සමානාත්මකතාවය හා සාමය රැකිමටද ගෝලීයකරණය මහත් රුකුලක් වේ. උදාහරණයක් ලෙස ආපදා තත්වයකදී ජාතින් අතර එකමුතුව මෙන්ම දේශයන් අතර සහසම්බන්ධතාවයද වර්ධනය වීම සිදු වන අතර රට රටවල් එකතු වී සාකච්ජා කිරීම තුලින් එක් රටකට තනිව විසදා ගත හැකි නොවන ගැටළුවක් විසදා ගැනීමට හා නිරාකරණයට අවශ්‍ය උපදෙස් හෝ සහය ලැබීම එමගින් සිදු වන තවත් කරුණකි. එනම් ත්‍රස්තවාදය මැඩලීමට රටවල් එකතු වීමත් වර්තමානය ගත් කල ISISත්‍රස්ත සංවිධානය සහමුලින් තුරන් කිරීමට රටවල් එකිනෙක අත්වැල් බැදගැනීම උදාහරණයකි.
ගෝලීයකරණය ශ්‍රී ලංකවට බලපානුයේ ශ්‍රී ලංකාව යනු ක්‍රමක්‍රමයෙන් නැගී එනු ලබන රටක් හේතුවෙන් දනවත් රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවට මුල්‍යමය ණය හා ආධාර සැපයීම, අපනයනය හා ආනයනයද, යුදමය සහයෝගයද, සංචාරක ශේස්ත්‍රය ඇතුළු කරුණු ගණනාවක් පාදක වීමෙන් ශ්‍රී ලංකාව යම් තාක් දුරකට දනවත් දේශයන් මත යැපීම හේතුවෙන් ඔවුන්ට ඇහුම්කන් දීමයි. මෙය ශ්‍රී ලංකික සමාජයේ සුළුතරයක් වන සංක්‍රාන්තික කාන්තාවන්ටද විටෙක සුභවාදී කරුණක් වන අතර එමගින් සංක්‍රාන්තික කාන්තාවන්ට ජ්වත් වීමට අවශ්‍ය වපසරිය අවම වශයෙන් හෝ ශ්‍රී ලංකාව තුල හිමි වී ඇත. උදාහරණයක් ලෙස දේශපාලනික වශයෙන් ගෝලීයකරණය සංක්‍රාන්තික කාන්තාවන්ට යම්තාක් දුරකට හෝ වාසිදායක වනුයේ වෙනත් රටවල් තුල ප්‍රජාව නිති ගත කිරීම තුලින් එම රටවල් සිදු කරනු ලබන බලපෑම මත ශ්‍රී ලංකික රජය එම උපදෙස් හෝ අදහස් තුලට ඇහුම්කන් දීම මගිනි. සියයට සියයක් එම අදහස් හෝ උපදෙස් පිලි නොගත්තද පවසනු ලබන රාජ්‍යයේ උපකාරය, ලද සහයෝගයතන් හා ස්ථාවරත්වය මත අඩු වැඩි වශයෙන් කරුණු පිළිගැනිම සිදු වේ. එමෙන්ම දේශීය ප්‍රජාවට නීතිමය තත්වය ජාතියන්තර සහයෝගය ලබා ගැනීමටද උපදෙස් හා ආධාර ලබා ගැනීමටද උපකාරී වේ.
එමෙන්ම තාක්ෂණය දියුණු වීම යනු ගුණ අගුණ දෙපාර්ශවයම සම සේ බෙදී යන කරුණකි එනම් නව නිපැයුම් නිර්මාණයවීමත් සමගම කාර්යය පහසු වීමත් තුලින්, පුද්ගල ආකල්ප හා අවශ්‍යතාද සීඝ්‍ර වර්දනයකට භාජනය වේ. එමෙන්ම එමගින් ගුණාත්මක නොවන හානිදායක දේ සිදු වීමට ඇති ඉඩකඩද සමාජයේ සිඝ්‍රයෙන් වර්ධනය වේ. එනමුත් මෙම ලිපිය තුලින් තාක්ෂනය දියුණු වීමේ ගුණාත්මක පසුබිම පමණක් කතා කිරීමට සිතුවෙමි. තාක්ෂණයේ දියුණු වීම මානවයාගේ දෛනික කාර්යය පහසු කර ගැනීමේ අරමුණින් ආරම්භ වුවද කලක් ගත වීමෙන් එය කාර්යය පහසු කර ගැනීමට පමණක් සිමා නොවී විවිධ මාර්ගයන් හා පැතිකඩයන් කරා පිය නැගිණි. උදාහරණයක් ලෙස දේශපාලනික, සංස්කෘතික, සමාජීය, භූගෝලීය කරුණු මෙන්ම විටෙක ආගම් සදහාද තාක්ෂනය උපයෝගී කොටගෙන ඇත. එනම් අද වන විට ආගමික සිදස්ථාන වෙත නොයා ධර්මයට සවන් දීමට පුද්ගලයන්ට අවස්ථාව සැලසී ඇත. කැසට්පට, අන්තර්ජාලය, රූපවාහිනිය වැනි තාක්ෂණයේ ප්‍රතිපලයන් වන විද්‍යුත් උපකරණ හරහා එම අවස්ථා උදා වී ඇත. තවද පෙර සදහන් කල ආකාරයට අතීතයේදී එක් දේශයක ජිවත් වන පුද්ගලයෙකුට තවත් දේශයකට සංචාරය නොකර එම දේශය පිලිබදව කරුණු කිසිවක් දැනගැනීමට අවස්තාව නොවූ අතර තාක්ෂණික උපාංග තුලින් අද වන විට තමන් සිටින ස්ථානයේ සිටම එම තමන්ට අවශ්‍ය තොරතුරු සොයා ගැනීමට තරම් තාක්ෂනය දියුණු වී ඇත.
ව්‍යාපාර ලෝකය, දේශපාලනික වපසරිය ගත් කල තම ආනයන අපනයන පිලිබදව, පාරිභෝගිකයා නිර්ණය කිරීමට හා හුදෙකුත් භාණ්ඩ හා සේවා සපයන සමාජය නිරික්ෂනයටද තාක්ෂනය උපකාරී වන අතර කාර්යය පහසු කිරීමට, උසස් ගනයේ අනර්ඝ ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ වෙළද පොලට යැවීමටද එය උපකාරී වේ. එමෙන්ම දේශපාලනික වශයෙන් ගත් කලද නීතිමය වපසරිය, රටේ තත්වය, මතයන් හා ආකල්පයන්, දේශපාලනික හැරවුම් ලක්ෂයන් නිර්මාණයටද, ජාතික ආරක්ෂාව හා සාමය රැකිමටද තාක්ෂනය උපකාරී වේ. ඉහත කරුණු තුලින් ඔබ්බට ගොස් දෛනික ජන ජීවිතය ගත් කල එක් එක් තනි පුද්ගලයෙකු වශයෙන් සමාජය වෙන් කල විට වර්තමානයේදී තාක්ෂනය ලෙස පුද්ගලයන් බහුලව පරිහරණය කරනු ලබන්නේ ස්මාර්ට් ජංගම දුරකථන, ටැබ්, පරිගණක, සමාජ ජාලා වෙබ් අඩවි, අන්තර්ජාලය, ඉ මේල් හා අනෙකුත් පිරිස හා සමාජය සම්බන්ධ කරනු ලබන තාක්ෂනයන් වන අතර බහුතරයක් ප්රවෘත්ති, පණිවුඩ, අවශ්‍ය දත්ත හා තොරතුරුද සපයා ගනු ලබන්නේ මේ හරහාය. උදාහරණයක් ලෙස වෙනත් දේශයක පමණක් නොව තමන් වෙසෙන රට තුලම සිදු වන ව්‍යසනයක්, ආපදා තත්වයක් හා ත්‍රස්ත ක්‍රියාවක් පිලිබදවද විටෙක දැනගනු ලබන්නේ ඉහත කාණ්ඩයන් ඔස්සේය.
මෙම තාක්ෂණයේ දියුණුව ශ්‍රී ලංකාව තුල වෙසෙනු ලබන සංක්‍රාන්තික කාන්තාවන් ගත් කලද එහි හොද හා නරක යන දෙවර්ගයම අන්තර්ගත වේ. තාක්ෂණයේ හොද පැතිකඩ ගත් කල ශ්‍රී ලංකාව තුල සිටින සංක්‍රාන්තික තරුණියන් බහුතරයක් තාක්ෂනය ලෙස පරිහරණය කරනු ලබන්නේ තමන් සතු ස්මාර්ට් ජංගම දුරකථනය, ටැබ් ලොයිඩය, පරිගණකය හෝ ලැප්ටොප් පරිගණකය වේ. මෙහිදී මෙම තාක්ෂණික උපාංග තුලින් ඔවුන් තම පාරිභෝගිකයන්, සේවාදායකයන්, ගැනුම්කරුවන් වැනි ව්‍යාපාරික ප්‍රජාව හා සබදතා පවත්වනු ලබයි. උදාහරණයක් වශයෙන් ලිංගික ශ්‍රමය තම රැකියාව කරගත් සංක්‍රාන්තික කාන්තාවක් අතීතයේ මෙන් මහා මාර්ග හෝ වෙනත් පොදු ස්ථානයන්හි ගැවසීමෙන් තම සේවාදායකයන් සොයා ගැනීම වර්තමානය වන විට අවම කොට ගෙන ඇති වතර බහුතරයක් සේවාදායකයන් සමාජ ජාලා වෙබ් අඩවි තුලින් සොයා ගැනීම සිදු කෙරේ. උදාහරණයක් ලෙස මුහුණු පොත බහුලව භාවිත වන සමාජ ජාලා වෙබ් අඩවියක් වන අතර එහි ඇති පහසුව හා කාර්යක්ෂමතාවය හේතුවෙන් ඔවුන්ට තම කාර්යය කරගැනීම පහසු වී ඇත. එමෙන්ම පෙරදී සේවාදායකයා ලගට පැමිණෙන තෙක් කාලය වැය කොට විඩාපත් වන තෙක් රැදී සිට සේවාදායකයන් තම මුදලට අකමැති වීමෙන් හිස් අතින් නැවත පැමිණි සංක්‍රාන්තික කාන්තාවන්ට තාක්ෂනය යොදා ගැනීම තුලින් හමුවීමට ප්‍රථම ගණන් හිලව් කතා කිරීමට හැකි වන අතර සේවාදායකයා වීඩියෝ හෝ ජයාරූප මගින් දැක ගැනීමටද හැකියාව ඇත.එපමණක් නොව සමාජයට ප්‍රජාව පිලිබදව පහසුවෙන් දැනුවත් කිරීමටද, තාක්ෂනය උපකාරී වී ඇත. සංක්‍රාන්තික කාන්තාවන් බහුතරයක් නව තාක්ෂනය උපයෝගී කර ගැනීම තුලින් ඔවුන් මුදා හරිනු ලබන පණිවුඩ හා තොරතුරු මගින් සංක්‍රාන්තික ප්‍රජාවට තමන්ගේ ප්‍රජාව හදුනා ගැනීමට හා යෙහෙලියන් අතර මිත්‍රත්වය වර්ධනයට එය රුකුලක් වී ඇත. උදාහරණයක් වශයෙන් අතීතයේදී එකම දේශයක ප්‍රාන්ත දෙකක ජිවත් වන සංක්‍රාන්තික කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට කරදරයක් වීමෙන් අනෙකා දැනුවත් කිරීමට, නීතියේ සරණ පැතීමට හා තම ප්‍රජාව නියෝජනය කරනු ලබන සංවිධාන දැනුවත් කිරීම අපහසු කරුණකි. එනමුත් තාක්ෂණයත් සමග අද වන විට වූ සැනින් එම තොරතුර ජාත්‍යන්තරයට යෑමට පවා තාක්ෂනය රුකුලක් වී ඇත. එමෙන්ම සංක්‍රාන්තික කාන්තාවන්ට නිතිය දැන ගැනීමට, ලෝකය තුල සංක්‍රාන්තික ප්‍රජාව පිලිබදව දැන ගැනීමට හා වර්තමාන තත්වය හා ස්ථාවරත්වය දැන ගැනීමටද තාක්ෂනය උපකාරී වේ.
මෙම කරුණු මත වර්තමානය වන විට සමාජයේද සංක්‍රාන්තික කාන්තාවන් දෙස බලනු ලබන කෝණය හා දරනු ලබන මතයන් යම් තාක් දුරකට වෙනස් වී ඇත. එය බහුතරයක් තාක්ෂනය හා නිරන්තරයෙන් කටයුතු කරනු ලබන තරුණ පරපුර තුල සිදු වන අතර මිට හේතුවනම් තාක්ෂනය හා ගෝලීයකරණය තුලින් ඔවුන් නිරන්තරයෙන් ජාතියන්තරය හා විදෙස් මාධ්‍ය අතර සුළු වශයෙන් හෝ සබදතාවයක් තිබීමත්, නිරතුරුව කරුණු, නිතිය, ආකල්ප හා මතයන්, තොරතුරු පිලිබදව දැනුවත් වන නිසාය. සමාජය තුල වෙසෙන තරුණ පරපුර මෙසේ වෙනස් වීම ප්‍රජාවට හිතකරය. ගෝලීයකරණය හා තාක්ෂණයේ දියුණුව නොවුයේ නම් වර්තමානයේ ප්‍රජාව පවතින ත්වයට ඒමට දීර්ඝ කාලයක් ගතවනු ඇත. මන්ද එක් එක් දේශයන්ගේ වර්තමාන තත්වය, ප්‍රජාව පිළිබද තොරතුරු හා ප්‍රජාවේ වත්මන් තත්වය හා නීතිමය වපසරිය සෙවීමට හා දැනගැනීමට මගක් නොවීම හේතුවෙනි.
![]() |
ජාතික සංක්‍රාන්ති සමාජභාවී ජාලයේ ක්‍රියාකාරී සාමාජිකාවකි. මේ වන විට විවෘත විශ්ව විද්‍යාලයේ විලාසිතාකරණය පිළිබද උපාධිය හදාරමින් සිටී. |
![]() |
Voices & Changes අරමුදලේ සහයෝගයෙනි. |

![Two Blues [Converted]](http://old.bakamoono.lk/siadmin/wp-content/uploads/2018/10/Two-Blues-Converted-2.png)