අන්තරායකර ඖෂධ භාවිතය තුළ ගැහැණිය කොතැනද?

කර්තෘ සටහන – මත් ද්‍රව්‍ය මත යැපීම නැවැත්වීම සදහා ප්‍රයෝගික ක්‍රමය ලෙස බකමූණෝහි අප විශ්වාස කරන්නේ හානිය අවම කිරීමේ ක්‍රමයයි. නීති ගත සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය මගින් ඇති වන සෞඛ්‍යමය, සමාජීය සහ ආර්ථීක ප්‍රතිවිපාක අවම කිරීම මූලික වශයෙන් අරමුණු කර ගත්  ප්‍රතිපත්ති, වැඩසටහන් සහ භාවිතයන් මින් අදහස් වේ. එහි අවසන් ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම මත් ද්‍රව්‍ය භාවිතය නැවැත්වීම විය හැකි වුවත් සෑම පුද්ගලයක්ම ඒ කරා ලගා වනු ඇතැයි අපේක්ෂා නෙකෙරේ.

2018 අප්‍රේල් 27.

තුෂාර මනෝජ් විසිනි.

අන්තරායකර ඖෂධ හෙවත් මත් ද්‍රව්‍ය හා සම්බන්ධ පුද්ගල බැඳීම විමසා බැලීමේදී එහි යම් ආකාරයක පුරුෂ මූලික ස්වභාවයක් හඳුනාගත හැකිය. මත්වීම, මත්වීමෙන් පසුව ඇතිවන චර්යාවන්, මත්වීමෙන් පසුව සිදුකරන චර්යාවන් හා සම්බන්ධව සමාජය තුළ ඇති මතවාදය පවා පුරුෂ මූලික ස්වරූපයක් ගනී. මත්ද්‍රව්‍ය පරිහරණය කිරීම පුරුෂත්වය ප්‍රකාශකිරීමේ මාධ්‍යයක් ලෙස මෙන්ම මත්වීම හා මත්වීමෙන් පසු හැසිරෙන ආකාරය හරහා වීරත්වයක් ආරෝපණ වනවාය යන මතවාදයක් ද පවතී. එහෙත් මත්ද්‍රව්‍ය පරිහරණය කිරීම හා මත් ද්‍රව්‍ය මත රදා පැවැත්ම කිසිදු සමාජයක් අනුමත නොකරන අතර කාන්තාව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම කිසිසේත් අනුමත නොකරයි. විශේෂයෙන්ම පෙරදිග සමාජයීය’ කාන්තාවට ඇති සුවිශේෂී වැදගත්කමත්, ඇය මවක් වශයෙන්, බිරිඳක් වශයෙන් මෙන්ම අනාගත පරපුර සමාජානුයෝජනයට ලක් කරන මූලික කාරකය වශයෙන් සලකන නිසාත් කාන්තාව හා මත්ද්‍රව්‍ය සම්බන්ධ චර්යාවට සමාජයෙන් ඇතිවන බලපෑම අතිමහත්ය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය වශයෙන් පුරුෂයා විසින් කාන්තාව වෙත ඇතිකරන පීඩනය, හිංසනය මෙන්ම මතවාදීමය වශයෙන් ඇති කරන බලපෑම් පිළිබඳ සමාජය තුළ විවේචනාත්මකව සාකච්ඡා වුවද මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම ”හා සම්බන්ධව කාන්තාව වෙත ඇතිකරන බලපෑම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වළක්වන ආකාරයේ සමාජ සංස්කෘතික විනය මාලාවන් සඳහා ඇතිවන පුරුෂ මූලික සමාජයීය බලපෑම පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් සිදුවන්නේ නැත.

අන්තරායකර මත්ද්‍රව්‍ය මත යැපීම (පොදුවේ ඇබ්බැහිය යනුයෙන් හැදිනිවේ.) එක් ආකාරයකින් මානසික ගැටළුවක් ලෙස හඳුනාගත හැකිවන අතරම තවත් ආකාරයකින් එය චර්යාමය වශයෙන් වෙනස් ආකාරයේ ප්‍රකාශන ඇතිකරවන දෙයක් ද විය හැකිය. මෙහිදී කාන්තාව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම හා සම්බන්ධ කාරණා පුළුල් සමාජ හා සංස්කෘතික කතිකාවකට මඟ පාදන්නේ අනාගත පරපුර ගොඩනැගීමේ ඇය සතු සදාචාරවත් මෙහෙවරට සිදුවන හානිය සුළුකොට තැකිය නොහැකි වන බැවිනි. කෙසේ වුවත් කාන්තාවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම කෙරෙහි බලපාන සාධක විමසා බැලීමේදී මෙන්ම මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීමත් සමග ඇය නැවත වතාවක් පුරුෂ මූලික සමාජයේ ගොදුරක් වන ආකාරය පිළිබඳ විමසා බැලීමේදී ඉස්මතු වන කරුණු අභ්‍යන්තරයෙහි ඇති පිළිකුල් සහගත පිරිමි ආධිපත්‍යය හා සම්බන්ධ කාරණා ගැඹුරින් විමසිය යුතුය.

සිගරැට්, හෙරොයින්, කොකේන් වැනි මත් දුම් පානය කිරීම, මත් පැන් වර්ග පානය කිරීම හා වෙනත් මත්වන ආකාරයේ ද්‍රව්‍යයන් භාවිත කිරීම මගින් සිදුවන්නේ පුද්ගලයාගේ ප්‍රකෘති තත්ත්වය තාවකාලිකව නැතිවී කායිකව හා මානසිකව අඩපණ වීමයි. මත්ද්‍රව්‍යවල ඇති විවිධ රසායනික සංයෝග, විෂ වර්ග, ශරීරයේ ඉන්ද්‍රීය පද්ධතිය හා මානසික යහපැවැත්ම විනාශ කර දමන ආකාරයේ අන්තර්ගතයන් මගින් අහිතකර බලපෑම් ඇතිවීමයි. මේ අතුරින් හෙරොයින් වැනි අන්තරායකර මත්ද්‍රව්‍ය මගින් පුද්ගල ශරීරයට මෙන්ම මානසික ක්‍රියාවලියට ඇතිකරන බලපෑම සුළුපටු නොවේ. හෙරොයින්වල ඇති රසායනික සංයෝග මගින් ඉතා භයානක ආකාරයට පුද්ගලයා ඒ සඳහා ඇබ්බැහි කරවන අතරම පුද්ගලයාගේ මානසික ක්‍රියාවලිය බිඳ වට්ටවන ආකාරයේ ඇබ්බැහිවීමක් දක්වා එම තත්ත්වය වර්ධනය වේ. හෙරොයින් භාවිතය නතර කරගැනීමට දරන උත්සාහයේදී ඉතා අධික ලෙස පීඩා ගෙන දෙන ආකාරයේ ශාරිරික වේදනා, විරමණ අපහසුතා හා මානසික වශයෙන් ඇතිකරවන පීඩා තත්ත්ව, ආතතිය, කාංසාව වැනි මානසික ව්‍යාධි මට්ටම් දක්වා පුද්ගලයා ඇද දමන ආකාරයේ තත්ත්ව නිසා මෙම ඇබ්බැහිවීමෙන් මුදවා ගැනීමට දැඩි අසීරුතා ඇතිවේ. මෙම දැඩි ඇබ්බැහිවීම හා එලෙස ඇබ්බැහිවීම නිසා ඇතිවන කායික හා මානසික වික්‍රියාවන් මත පුද්ගලයාට ඇතිකරවන අයහපත් බලපෑම යනාදිය සම්බන්ධයෙන් සලකා බැලීමේදී කාන්තාව අන්තරායකර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම ගැඹුරින් සිතා බැලීමට හා ක්‍රියාත්මක වීමට අවශ්‍ය පසුබිම සකස් කරයි.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් 2015 කරන ලද සමීක්ෂණයක් අනුව ලංකාවේ පුරුෂයන් අතර මධ්‍යසාර පරිභෝජනය 34.8% විය. නමුත් 2016 දී NATA ආයතනය (ජාතික මධ්‍යසාර සහ දුම්කොළ අධිකාරිය) මගින්  පුරුෂයන් අතර මධ්‍යසාර පරිභෝජන 40% බව අනාවරණය විය. කාන්තාවන් අතර මධ්‍යසාර පරිභෝජනය 0.5%කි.

අධ්‍යයන වලට අනුව හෙරොයින් වැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ කාන්තාවන්ගෙන් බහුතරයක් තමාගේ ස්වාමි පුරුෂයා හෝ සමීපතම ලිංගික සහකරුවාගෙන්’ මත්ද්‍රව්‍ය පරිහරණය හා සම්බන්ධ පළමු අත්දැකිම ලබාගෙන තිබේ.’ මෙම සමීපතමයා දැඩි ලෙස අන්තරායකර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු විය හැකි අතර ඔවුන්ගේ පෞද්ගලික හා සමාජීය ජීවිතයේ අත්‍යවශ්‍ය වටිනාකම් අහිමි වූ අය බවට පත්වූවන් වේ. ලිපිය ආරම්භයේදී සඳහන් කළ ආකාරයට පුරුෂ මූලික ආකෘතික සමාජ රාමුවක් තුළ සුජාතකරණයට ලක්වූ කාන්තාවක් දැකීමට කැමති පෙරදිග කොදෙව් මානසිකත්වය තුළ කාන්තාවන් අන්තරායකර මත්ද්‍රව්‍යයකට ඇබ්බැහිවීම ඉතා තදබල වරදක් වේ. මත්වීම හෝ මතට ලොල්විම හෝ මත්වීම නිසා ඇතිවන මානසික වික්‍රියා මත පදනම්ව කාන්තාව හිරිහැරයට ලක්වීම යනාදිය සුජාතකරණයට ලක්කරන සමාජ ව්‍යවහාරයන් විසින් කාන්තාව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නිසා ඔවුන්ට’ වෙනස්කොට සැලකීම හා වෙනත් මානයකින් මැනීමට උත්සාහ කිරිමේ ගැටළුවට පිළියම් සෙවීමට සිදුවී තිබේ.

සැමියා දැඩිලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටි නම් දරුවන් ඇතුළු පවුල් සංස්ථාව ගොඩනැගීමේ අනවරත මෙහෙවර කාන්තාවට ලඝු කිරීම එම සුජාතකරණය මගින් සමාජය බලාපොරොත්තු වේ. එහෙත් එම අනවරත වෙහෙස අවසානයේ ඇය තුළ ඇතිකරවන පීඩනය හෝ මානසික වශයෙන් සිදුවන කඩාවැටිම පසුපස ඇති සංවේදී ඛේදවාචකය පිළිබඳ ඇති සමාජ විඥානය දුර්වල මට්ටමක පවතී. අන්තරාකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානවල නේවාසිකව ප්‍රතිකාර ලබන කාන්තාවන්ගේ ජීවිත පිළිබඳ ගැඹුරු විමසීමක් සිදුකිරීම මගින් අනාවරණය වන යථාර්ථය සමාජය දැකීමට කැමති යථාර්ථයට වඩා බොහෝ දුර මට්ටමක පවතී. සැමියා හෝ සමීපතම සහකරුවා හෙරොයින් සමග දියකරන ජීවිතය ඔහුට ප්‍රශ්නවලින්, පවුලේ වගකීම්වලින් පැන යාමට අවශ්‍ය පසුතලය සකසද්දී පවුලේ වගකීම් හා සෙසු කාර්යභාරයන් කාන්තාවට පැවරීම හරහා ඇය පත්වන මානසික පීඩනය පිළිබඳ සාකච්ඡා කළ යුතුවේ. පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන කාන්තාවන්ගෙන් බහුතරයක් මානසික ව්‍යාධිවලින් පෙළෙන අතර ඔවුන් හෙරොයින් වැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමට බලපෑ සාධක’ සොයා බැලීමේදී එම මානසික පීඩනය මූලිකම සාධකය වන බව හඳුනාගත හැකිය.

පුරුෂයාගේ මත්බව, මත්බවත් සමග සියලු ප්‍රශ්න අමතක කිරීමේ හැකියාව යනාදිය කාන්තාවට ද ඇතිකරවන්නේ මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම සඳහා උත්තේජකයකි. හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුරුෂයන්ගෙන් 80%ක් පමණ’ තම පළමු භාවිත අත්දැකීම මිතුරන් සමග සිදුකර ඇති අතර ඇබ්බැහියක් ලෙස පවත්වාගෙන ගොස් ඇත්තේ ද මිතුරන් සමගය එහිදී ඇබ්බැහිවීමත් සමග භාවිත චර්යාවද විවිධ ස්වරූප ගනී. මිතුරන් සමග සාදවලට යාම, ප්‍රිය සම්භාෂණ, අවමංගල අවස්ථාවලට සහභාගීවීම යනාදියේ සිට අප්‍රසිද්ධ පාළු ස්ථානවල ගැවසීම හා මත්ද්‍රව්‍ය පරිහරණය කිරීම දක්වා යොමුවේ. එහෙත් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවූ කාන්තාවන්ගේ අත්දැකීම් මීට වඩා වෙනස් ස්වරූපයක් ගනී. ඔවුන්ගේ ඇබ්බැහිවීමේ චර්යාව තුළ විඳිමේ සාධක නොමැති අතර ජීවිතයේදී මුහුණ දීමට සිදුවන ප්‍රශ්නවලින් මිඳීම හා ඒවායින් තාවකාලිකව පළා යාම සඳහා මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සිදුවී තිබේ. මෙහිදී කාන්තාව අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කිරීම වින්දනීය දෙයක් නොවන බව තර්ක කිරීමට රචකයා උත්සාහ නොදරන අතර කාන්තාව මත්ද්‍රව්‍ය භාවිත කිරීම අනුමත කරන්නේද නොවේග එහෙත් අන්තරායකර මත්ද්‍රව්‍ය පරිහරණය කිරීමට බලපාන හේතුල භාවිත කරන ආකාරය හා ඇබ්බැහිවූවෙකුට සමාජය ආමන්ත්‍රණය කරන ආකාරය අනුව පැහැදිලිවම විද්‍යමාන වන ස්ත්‍රී පුරුෂ සමාජභාවීය වෙනස්කම පිළිබඳ අවධානය යොමුකිරීම වැදගත් වේ.

අන්තරායකර මත් ද්‍රව්‍ය භාවිතා කිරිමේ ස්ත්‍රී පුරුෂ සමාජභාවිය බලගම්‍යතා ප්‍රතීයමාන වන අවස්ථාවක් වන්නේ මත්ද්‍රව්‍ය භාවිතය සඳහා මුදල් සොයාගැනීම සඳහා විවිධ ක්‍රියාකාරකම්වල නිරතවීමේදීය. පුරුෂ පාර්ශ්වය සලකා බලනවිට ඔවුන් විවිධාකාරයේ’ විධිමත් හා අවිධිමත් රැකියාවල නිරතවීමෙන් මුදල් උපයාගැනීම, පවුලේ අයගෙන් විවිධ බලපෑම් සිදුකරමින් මුදල් උපයා ගැනීම, සමාජය අනුමත නොකරන ක්‍රියාකාරකම් මගින් මුදල් උපයා ගැනීම සිදුකරයි. එහෙත් කාන්තාවගේ තත්ත්වය මීට වඩා වෙනස් ස්වරූපයක් ගනී. ලංකාවේ හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය භාවිත කරන කාන්තාවන්ගෙන් 80%ක් පමණ කොළඹ අගනගරය ආශ්‍රය කරගෙන ජීවත් වන අතර ඔවුන්ට මත්ද්‍රව්‍ය සඳහා මුදල් සොයාගැනීමේදී අවිධිමත් රැකියාවල නිරතවීමට සිදුවේ . මෙම ලිපිය මගින් මා විසින් සාකච්ඡා කිරීමට උත්සාහ කරන කරුණ මතුවන්නේ මෙම තත්ත්වයේදීය. වීදි හෝ ගෘහස්ත ගණිකාවන් වශයෙන් කාන්තාවන් අලෙවි කිරීම, ගණිකා වෘත්තිය සඳහා කාන්තාවන්ට බලකිරීම, පුරුෂයාගේ මත්ද්‍රව්‍ය වුවමනාවන් සඳහා කාන්තාව වෛශ්‍යා වෘත්තියේ යෙදවීම මෙන්ම මේ ක්‍රියාකාරකම් නිසා කාන්තාවට ඇතිවන පීඩනය, මානසික අසහනය නැතිකරගැනීම ‘සඳහා ඇය අන්තරායකර මත්ද්‍රව්‍ය කෙරෙහි තව තවත් පෙළඹවීම යනාදිය ගැඹුරින් විමසා බැලිය යුතුවේ. එමෙන්ම ස්වාමි පුරුෂයා හෝ වෙනත් පුරුෂ තැරැව්කරුවන් විසින් කාන්තාවට මත්ද්‍රව්‍ය ලබාදෙන්නේ ඇය මත්ද්‍රව්‍ය විකිණිමේ ජංගම සේවයේ යෙදුනහොත් පමණි.’ මෙම කරුණු අභ්‍යන්තරයෙහි පවතින ස්ත්‍රී පුරුෂ සමාජභාවීය බල ගම්‍යතාවන් පැහැදිලිව හඳුනාගත යුතුය. කාන්තාව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිකිරීම සඳහා පුරුෂයා තුළින් ඇතිවූ බලපෑම් මත ඇය පීඩනයට ලක්වීම, ද්විතීයික වශයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමෙන් පසුව ඇය කායික හා මානසික වශයෙන් පීඩනයට පත්වීම හා තෘතීයික වශයෙන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මෙන්ම සමහර අවස්ථාවලදී පුරුෂයාගේ බලපෑම මත ජංගම වෛශ්‍යා වෘත්තියේ හෝ ජංගම මත්ද්‍රව්‍ය අලෙවිකිරීමේ වෘත්තියේ යෙදීම මගින් ඇතිවන පීඩනය හා අවදානම පිළිබඳ සංවේදීවීමේ අවශ්‍යතාව මතුවේ.

අන්තරායකර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන රාජ්‍ය හා පෞද්ගලික ආයතන විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ පිහිටා ඇති අතර එම ආයතනවල නේවාසික වී පුනරුත්ථාපනය වීමට පැමිණෙන කාන්තාවන් ප්‍රමාණය ඉතාමත් සීමිතය. එයට හේතු විමසා බැලීමේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවද ගෘහස්තය තුළ සිදුකළ යුතු අනවරත කාර්යභාරයන්හි වගකිමද පවුල තුළ කාන්තාවගෙන් සිදුවිය යුතු යුතුකම් හා වගකීම්වල ස්වභාවයද පුනරුත්ථාපනය වීමේ අවශ්‍යතාවය වළක්වාලයි. දෙවනුව විමසිය යුතු කරුණක් වන්නේ කෙසේ හෝ පුනරුත්ථාපනය ලැබූ කාන්තාවන් පසු රැකවරණ ක්‍රියාවලියකට යොමුකිරීමේ යාන්ත්‍රණයක් සකස්වී නොමැතිවීමයි. පුනරුත්ථාපනය කිරීමේදී’ උපදේශන, අධ්‍යාපන වැඩසටහන් යනාදිය පුරුෂමූලික ආකෘතියක් මත පිහිටා’ සාමාන්‍ය පුරුෂ නේවාසිකයන පුනරුත්ථාපනය කරන ක්‍රියාවලියටම සිදුකිරීම මගින් ඵලදායී නොවන පුනරුත්ථාපන ක්‍රියාවලියක් සිදුවීමයිග තෙවනුව පුනරුත්ථාපනය වීමෙන් පසුව කාන්තාව ඇයට පුරුදු පරිසරයටම නිදහස් කරන අතර එම පරිසරය ඇය පීඩනයට හා නැවත මත්ද්‍රව්‍යවලට යොමුවීමට බලපෑම් සහගතවන ආකාරයෙන් සකස්වී තිබීමයි.’ මෙහිදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ කාන්තාවන් පිළිබඳ සමාජයීය සවිඥානය ස්ත්‍රී පුරුෂ සමාජභාවීය වශයෙන් අසමානතා සහිත වූවක් බව පැහැදිලිවන්නේ පුනරුත්ථාපන ක්‍රියාවලිය හා සමාජගතවීමේ ක්‍රියාවලිය චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වන ආකාරය හඳුනාගැනීම මගිනිග එනම් කාන්තාව මත්ද්‍රව්‍ය පරිහරණය කිරීමල විකිණිම හෝ මත්ද්‍රව්‍ය ලබාගැනීමේ අවශතාවය සඳහා ලිංගික ශ්‍රමය විකිණිම ආදිය මගින් ඇයව පොලිස් අත් අඩංගුවට පත්වීම හා එහිදී උසාවි නියෝගයක් මගින් ඇය මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනය සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට හෝ එසේත් නැතිනම් ලිංගික ශ්‍රමය විකිණීමේ වෘත්තියේ යෙදෙන්නියන් ගාල් කිරීම සඳහා වන ශ්‍රී ලංකා නිවහන වන මෙත් සෙවණ ආයතනයට යොමුකිරීමයිග මෙලෙස පුනරුත්ථාපනය වීමල නිදහස්වී සමාජගතවීමල නැවත ඇබ්බැහිවීමල අත්අඩංගුවට පත්වීම හා නැවත පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමුකිරීම යන චක්‍රය තුළ ඇති ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අසමතුලිතතාවය හෝ අසංවේදීභාවය පිළිබඳ කතිකාවක් ඇතිවිය යුතුව තිබේ.

මෙම ලිපිය මගින් සාකච්ඡා කිරීමට උත්සාහ දරනු ලැබූයේ අන්තරායකර මත්ද්‍රව්‍යවලට’ කාන්තාවන් ඇබ්බැහිවීමල එලෙස ඇබ්බැහිවීමට බලපානු ලැබූ පුරුෂ මූලික සමාජ ආකෘතික හේතුල ඇබ්බැහිවීම හා සම්බන්ධව කාන්තාවන් නිරතවන ක්‍රියාකාරකම් හා චර්යාවන් සම්බන්ධව ඇති ස්ත්‍රී පුරුෂ සමාජභාවීය බලගම්‍යතා හා මත්ද්‍රව්‍යවලින් නිදහස්වීමට බාධාකෙරෙන ආකාරයේ සමාජ කෘත්‍යයන්හි ඇති බලපෑම් සහගතභාවය පිළිබඳ සමාජය තුළ ඇති අසංවේදීභාවය පිළිබඳවයිග එහිදී පීඩනයෙන් නිදහස්වීම සඳහා නිවස තුළත් ඉන් පිටතදීත් කාන්තාව විසින් ඉතිහාසය පුරා සිදුකළ අරගලවලට නව අර්ථකථනයක් දීමේ අවශ්‍යතාවය නැවත පැනනැගෙන බව පැහැදිලි වේ. පුරුෂාධිපත්‍යය සහමුලින්ම කණපිට පෙරලා දැමිය නොහැකි වුවද පුරුෂාධිපත්‍යය මගින් ඇතිකරන ලද යම් යම් පීඩනයන් හා වෙනස්කොට සැලකීම් අවම කිරීම කෙරෙහි ගනු ලැබු උපාය මාර්ග, අණ පණත්, ප්‍රඥප්ති යනාදිය නැවත වතාවක් බලාත්මක කිරීමේ සමාජයීය වුවමනාව මතුවෙමින් පවතී. මේ සඳහා සමාජ ක්‍රියාදරයන්ගේ මැදිහත්වීම මෙන්ම ස්ත්‍රි පුරුෂ සමාජභාවීය වශයෙන් සංවේදීභාවය සහිත ප්‍රතිපත්ති සම්පාදනයේ අවශ්‍යතාවද වැදගත්වේ.

ඔබේ සම්බන්ධතා කෙරෙහි මත් පැන් සහ මත් ද්‍රව්‍ය බලපෑම් ඇති කළ හැකි ආකාරය මෙතැතින් පිළිබද කියවන්න.

Social Share: