සති 20න් පසුවත් ගබ්සාවට ඉඩ දිය යුතුයි – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

2026 අප්‍රේල් 30.

ලිංගික බලහත්කාරකම් වලින් දිවි ගලවා ගත් ස්ත්‍රීන්ට සති 20ක් ගත වු පසුවත් ගබ්සාවක් සිදු කර ගැනීමට ඉඩ දිය යුතු බව ඉන්දීය ශ්‍රේෂ්්‍ඨාධිකරණ පවසා තිබෙනවා.

අධිකරණ මේ බව ප්‍රකාශ කළේ සති 30ක් පසු වී ඇති වසය අවුරුදු 15ක දැරියකගේ ගර්භණීභාවය අවසන් කිරීමට සදහා ලබා දුන් තීන්දුව වෛද්‍යවරුන් අභියෝගයට ලක් කළ අවස්ථාවේදීය. ලිංගික බලහත්කාකරමක් නිසා සිදු වූ ගැබ් ගැනීමක් අවසන් කිරීමට කාල සීමාවක් පැනවිය නොයුතු බව ශ්‍රේෂ්්‍ඨාධිකරණ මෙහිදී ප්‍රකාශ කර ඇති අතර නීතිය සමාජ අවශ්‍යතාවයන්ට අනුව පරිණාමය විය යුතු බව සදහන් කර ඇත.

“අනවශ්‍ය ගැබ් ගැනීමක් ස්ත්‍රිය මත පැටවීමට නොහැකියි. මේ සිද්ධිය ළමා ලිංගික බලහත්කාරකමක්. දරුවා සිටිය යුත්තේ පාසලේ ඉගෙන ගනිමින්. නමුත් දරුවා මවක් කිරීමට අපි උත්සහ කරනවා. ඇය මුහුණ දෙන ලැජ්ජාව, වේදනාව ගැන සිතන්න.” – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය

වෛද්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටී අතිරේක සොලිසිටර් ජෙනරාල් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ සති ගැබ් ගැනීමට සති 30ක් ගත වී ඇති නිසා ගබ්සාවක් සිදු කිරීම අසාර්ථක වනු ඇති බවයි. එමගින් මවට ජීවිත කාලය පුරා අත් විදි හැකි සෞඛ්‍යය ගැටළු ඇති විය හැකි බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වවරිය ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් අධිකරණය පවසා ඇත්තේ ගර්භණීභාවය අවසන් කිරීම පිළිබද අවසන් තීරණය ඇත්තේ ගැබ් ගෙන ඇත් දරුවා සහ ඇගේ දෙමාපියන් සතුව බවයි. වෛදවරුන් ලෙස ඔවුන්ට දැනුවත් තීරණයක් ගැනීමට වෛද්‍යවරු සහය විය යුතු බව අධිකරණය තවදුරටත් ප්‍රකාශ කර ඇත.

2021 දී යාවත්කාලීන කරන බද ඉන්දීය ගබ්සා නීතිය අනුව වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ අනුමැතිව ඇතිව 24 දක්වා ගර්භණීභාවය අවසන් කිරීම සදහා ප්‍රතිපාදන සකස් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ගබ්සාව පිළිබද තත්ත්වය ගැන කියවීමට මෙතැන ක්ලික් කරන්න. 

 

Social Share: