2026 ජනවාරි 13.
ජනවාරි 08 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් එල්ල කරන ලද චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඩාබිඳු සාමූහිකය විසින් පහත ප්‍රකාශය ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ සදහන් කර ඇත.
‘පාර්ලිමේන්තු වරප්‍රසාද මුවාවෙන් අපගේ කාර්යයන් සහ අරමුදල් මූලාශ්‍ර වැරදි ලෙස නිරූපණය කරමින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් 2026 ජනවාරි 08 වන දින පාර්ලිමේන්තුවේදී කරන ලද අසත්‍ය සහ නොමඟ යවන ප්‍රකාශය ඩාබිඳු සාමූහිකය ලෙස අපි දැඩි ලෙස හෙළා දකිමු.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, කම්කරු නීති සහ ජාත්‍යන්තර මානව හිමිකම් ප්රතිපත්තීන් මත පදනම් වූ වැඩ කරන කාන්තාවන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂා කිරීමට වසර 41 ක් තිස්සේ ඩාබිඳු සාමූහිකය නීත්‍යානුකූලව සහ විනිවිදභාවයෙන් කටයුතු කර ඇත. අපගේ කීර්ති නාමයට හානි කිරීමට, අපගේ අරමුදල් වැරදි ලෙස ව්‍යාජ ලෙස ලේබල් කිරීමට හෝ සාක්ෂි නොමැතිව මහජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන අසත්‍ය චෝදනා අපි තරයේ ප්‍රතික්ෂේප කරමු.
සාවද්‍ය තොරතුරු පතුරුවා හැරීමට සහ මානව හිමිකම් සංවිධාන ඉලක්ක කිරීමට පාර්ලිමේන්තු වරප්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීම ව්‍යවස්ථාමය නිදහසට, ප්රජාතන්ත්රවාදී වගවීමට සහ සිවිල් අවකාශයට තර්ජනය කරන්නකි. CEDAW, ILO සම්මුතීන් සහ ජාත්‍යන්තර මානව හිමිකම් රාමු යටතේ ශ්‍රී ලංකාවේ බැඳීම් සිවිල් සමාජ සංවිධානවලට නිදහසේ සහ විනිවිදභාවයෙන් ක්‍රියාත්මක වීමට ඇති අයිතිය පැහැදිලිවම ආරක්ෂා කරයි.
අපි ඉල්ලා සිටින්නේ:
* නොමඟ යවන ප්‍රකාශ වහාම ඉල්ලා අස්කර ගැනීම
* සිවිල් සමාජ සහ මානව හිමිකම් ආරක්ෂකයින් ඉලක්ක කර ගැනීම සහ බිය ගැන්වීම අවසන් කිරීම
* ව්‍යවස්ථාපිත නිදහස සහ ප්රජාතන්ත්රවාදී සම්මතයන් සඳහා පාර්ලිමේන්තුවේ කැපවීම නැවත තහවුරු කිරීම
කම්කරු යුක්තිය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ මූලික අයිතිවාසිකම් සඳහා අපගේ කැපවීම තුළ ඩාබිඳු සාමූහිකය අද මෙන් හෙටත් සෑම විටම නොසැලී සිටී.’
මේ ප්‍රකාශය හෙලා දකිමින් සිවිල් සමාජ ක්‍රියාකාරීන් අද මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වී අතර එහිදී පළ වූ අදහස් පහතින් දැක්වේ.