මාර්තු 2021 කලාපය 6

ලෝකයේ ඕනෑම ව්‍යසන අවස්ථාවක දී වැඩිපුරම ආපදාවට ලක්වන්නේ ස්ත්‍රීන් සහ දරුවන් බව ලොව පිළිගත් සත්‍යයකි.  එයට සාක්ෂි බොහෝ අප සතුව තිබේ. වත්මන් කෝවිඩ් 19  වසංගත තත්වය තුළ දී වුවද එය එසේමය.  

ස්ත්‍රීන්ට එෙරහි හිංසනය මානව ඉතිහාසයේ කුමන අවස්ථාවක දී ආරම්භ වීදැයි යන්න පිළිබද විවිධ මත ඉදිරිපත් වන අතර ,  බොහෝ දුරට පිළිගත් මතය වන්නේ පුද්ගලික දේපල ක්‍රමය සහ තනි පවුල පිළිබද සංකල්පය මුල් කරගත් සමාජක්‍රමය ආරම්භ වීමත් සමග ස්ත්‍රිය සමාජයේ ෙදවන තැනට පත් වු බවයි. ආදිකාලීන වහල් සමාජය තුළ ස්ත්‍රීන් සිය පුරුෂයන්ගේ ෙමන්ම, වහල් හිමියන්ගේද තාඩන පීඩන වලට ලක් වුබවට මිනිස් ඉතිහාසය සාක්ෂි දරයි. ෙකසේ ෙවතත් අප ජීවත් වන්නේ ස්ත්‍රීන්ට එෙරහි හිංසනය අදහාගත නොහැකි බරපතල තත්වයකට පත්ව ඇති වාතාවරණයක් යටතේය. 

දැනට වසර දහස් ගණනක් පුරා සමාජ, ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික ව්‍යුහයන් තුළ, ස්ත්‍රී විරෝධී ආකල්ප මුල්බැස ෙගන ඇති නිසා ස්ත්‍රිය පුරුෂයාෙගන්ද, ෙපම්වතාෙගන්ද,  ආයතන ප්‍රධානියා ඇතුලු ෙසසුසමාජෙයන්ද, හිංසනයට පත් වන බව අප හැමෝම දන්නා කාරණයකි. එයට වයස් භේදයක් හෝ තරාතිරම් භේදයක් නැත. මේ රටේ වසරකට සිදුවන ස්ත්‍රී ඝාතනයන්ගෙන් වැඩි ප්‍රමාණයක් තම පුරුෂයා හෝ ෙපම්වතා අතින් සිදුවීමම එයට ශාක්ෂි දරයි. රජයේ සහ ෙවනත් ආයතන වලින් සේවා ලබා ගැනීමට යාමේ දී ස්ත්‍රීන්ගෙන් ලිංගික අල්ලස් ගැනීම, ෙමන්ම ඉල්ලීමද සුලබ සිදුවීමකි. වාර්ෂිකව රටේ සිදුවන ස්ත්‍රී දුෂණ, මිනීමැරුම්, පහර දීම්, ලිංගික අල්ලස් ගැනීම් පිළිබද සංඛ්‍යා වලින් නිගමනය කළ හැකි වන්නේ ෙවන කවරදාටත් වඩා ස්ත්‍රී හිංසනය වැඩි වී ඇති ෙසයකි. කෝවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ ස්ත්‍රීන් කාර්යාල කටයුතුත් නිවසේ කාර්යයනුත් එකවර නිවස තුළදීම ඉටුකිරීමට කාලය ෙවන් කළ යුතුව ඇත. පුරුෂයින් නිෙවස් වල වැඩපල සදහා කාලය ගත නොකරන අතර, පුරුෂයා සහ දරුවන් නිවසේ රැදී සිටීම නිසා ෙවනදාටත් වඩා ස්ත්‍රියට නිවසේ වැඩ කිරීමට සිදුෙවයි.  

ස්ත්‍රීන්ට එෙරහිව සිදු වන හිංසනය ඝාතනය, ලිංගික ෙකෙලසීම, පහර දීම, මානසික පීඩනය යන කවරාකාරෙයන් සිදු වුවද එය බරපතල වරදකි. ෙමහි නවතම ප්‍රවනතාවය වන්නේ අන්තර්ජාල හරහා වන හිංසනයයි. වර්තමාන සමාජය තුළ අන්තර්ජාල භාවිතය බොහෝ ප්‍රචලිතය. කෝවිඩ් වසංගතය විසින් එය වඩාත් තීව්‍ර කර ඇත. 

මේ වසංගත කාලය තුළ අන්තරජාල භාවිත ඉහළගොස් ඇති වා සේම, අප අන්තර්ජාලය තුළ ගත කරන කාලයද ඉහළ ගොස් ඇත. උදාරණයක් වශෙයන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිත කරන පිරිස 2020 සිට 2021 දක්වා ලක්ෂ 8ක් (+7.9%) කින් ඉහග ගොස් ඇත. 2021 ජනවාරි වන විට මිලියන 10.90 ක් එනම්, සමස්ත ජනගහනෙයන් 50.8%ක් අන්තර්ජාලය භාවිත කරති. ශ්‍රී ලංකාව තුළ සමාජමාධ්‍ය භාවිතය 2020 සිට 2021 දක්වා මිලියන 1.5කින් (+23%)  කින් ඉහග ගොස් ඇත. රටේ ජනගහනය හා සැසදීමේදී සමාජමාධ්‍ය භාවිතය 2021 ජනවාරි වන විට 36.8%කි. 

ශ්‍රී  ලංකාව තුළ අන්තර්ජාලය යොදාෙගන සිදු කරන හිංසන විවිධ ආකාර ගනී. එම ක්‍රියාවන් ද්වේශ සහගත දේ යතුරු ලියනය කිරීමේ සිට තමන්ට  ලැබුණු රොමාන්තික ඡායාරූප යොදාෙගන ඡායාරූපයේ සිටින පුද්ගලයන්ට  අවමාන තර්ජන එල්ල කිරීම සහ බිය වැද්දවීම සහ ඒවා ෙබදා හැරීම දක්වා වූපරාසයක විහිදේ.  ෙකසේ වුවත්, ෙමයට විසදුම වන්නේ අන්තර්ජාලය බැහැර කිරීම නොවේ. අප කළ යුත්තේ හිංසනයට ගොදුරු වන ස්ත්‍රීන්ට මේ සදහා ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග ගැනත්, එවැනි සිදුවීම් වළක්වා ගැනීම ගැනත් ඔවුන් දැනුවත් කිරීමයි.

සම්පූර්ණ සගරාව කියවන්න

Social Share: