දෙසැම්බර් 2023 කලාපය 11

සහපත් සම්බන්ධතා ගොඩනගාගැනීම තුළින් ගෘහස්ථ හිංසනය වළක්වමු.  

යහපත් සබඳතාවයක් යනුෙවන් හැදින්වෙන්නේ සන්නිවේදනය, විශ්වාසය, සහ සමානාත්මතාවය වැනි වටිනාකම් මත පදනම්ව පුද්ගලයන් ෙදෙදෙනකු හෝ කිහිපෙදෙනකු හෝ අතර ඇතිවන අන්‍යෝන්‍ය ගෞරවෙයන් යුතු සහයෝගිමත් බැඳීමක්. 

විවෘත, සහකම්පනය පදනම් කර ගත් සන්නිවේදනය යහපත් සබඳතාවයක පදනමයි; සහකරුවන්ට / සහකාරියන්ට ඔවුන්ගේ සිතුවිලි, හැඟීම් සහ අවශ්‍යතා විවෘතව හා අවංකව ප්‍රකාශ කිරීමට අවස්ථාව ඇත්නම් එය යහපත් සම්බන්ධතාවයක් ගොඩනගනවා.  

යහපත් සබඳතාවයක් තුළ, සහකරුවෝ එකිෙනකාගේ සීමාවන් මොනවාදැයි අවබෝධ කර ෙගන එම සීමාවන් ෙකෙරහි ගෞරවයකින් යුතුව ජීවත් වනවා. යහපත් සබඳතාවයක් තුළ, ෙදෙදනාටම බලපාන තීරණ ගන්නේ හවුලේ සාකච්ඡා කරමින්. යහපත් සබඳතාවයක් තුළ හැසිරවීම, පාලනය කිරීම හෝ අපයෝජනය සඳහා ඉඩක් නැහැ. යහපත් සම්බන්ධතාවයක් තුළ සහකරුවන් අතර විශ්වාසයක් පවතින් නිසා ඊර්ෂ්‍යාවට සහ අනාරක්ෂිත බවත් දැනීමට ඉඩක් නැහැ.  

2019 වසරේදී ශ්‍රී ලංකාවේ සිදු කරන ලද “සුව ස්ත්‍රී” (Well Woman) නැමති සමීක්ෂණයට අනුව සහකරුෙවකු විසින් කායික හෝ ලිංගික හිංසනයට ලක්වූකාන්තාවන්ගෙන් 28.  9%ක් ජීවිතේ යම් අවස්ථාවක හිංසනය නිසා තුවාල ලබා ඇත. එසේම සහකරුගේ ලිංගික හිංසනයට ලක්වූස්ත්‍රීන් 41. 5%කට වඩාත් අහිතකර සෞඛ්‍යය ගැටළු ඇති වී තිබේ. මීට අමතරව, ගෘහස්ථ හිංසනය නිසා අනවශ්‍ය ගැබ් ගැනීම්, අනවශ්‍ය ගබ්සා, ප්‍රජනන පද්ධතියේ තුවාල ෙමන්ම  අභ්‍යන්තර රුධිර වහනය ආදිය සිදු විය හැකියි.  

ගෘහස්ථ හිංසනය අෙපගේ ලිංගික හා ප්‍රජනන ජීවිතයට ඍජුවම බලපායි. ප්‍රජනන වයසේ පසුවන ස්ත්‍රීන් අතර මරණය සහ ආබාධිත වීමට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ ගෘහස්ථව හෝ ඉන් පිටදී ළබැඳි සහකරුවන්ගෙන් එල්ල වන ප්‍රචණ්ත්වයන්ය. 

එසේම ප්‍රචණ්ඩත්වයට මුහුණ ෙදන්නාට අමතරව ඒ අවට සිටින  සමීපතමයන්ටද එහි අහිතකර ප්‍රතිවිපාක අත්විදින්නට සිදු වේ. එහි ප්‍රබලම බලපෑම සිදුවන්නේ 

ෙදමාපියන් අතර ප්‍රචණ්ඩත්වය සිදුවන විට එයට මැදිවන දරුවන්ටය. ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩත්වය අත්විද නැති ස්ත්‍රීන්ට සාපේක්ෂව ප්‍රචණ්ඩත්වය අත්විදින ස්ත්‍රීන්ගේ දරුවන් අතර පාසලේ හැසිරීම සහ කාර්යය සාධනය අතර ෙවනස්කම් දැකිය හැකි බව එම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. එසේම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය අත්විදින ස්ත්‍රීන්ගේ දරුවන් 21. 2%  ක් බියකරු සිහින දැක බියවන බව වාර්තාවී ඇත. 

අපේ දරුවන්ට උදාහරණයක් ෙවමින් ගෞරවය,  සහකම්පනය, විශ්වාසය, කැමැත්ත සහ ආත්ම අභිමානය පදනම් කර ගත් සම්බන්ධතා ගොඩනගාගනිමු.  

සම්පූර්ණ සගරාව කියවන්න

 

 

Social Share: