ඔසප් කෝප්පය

 

ඔසප් කෝප්පයසිලිකන් හෝ ස්වභාවික රබර් වලින් නිෂ්පාදනය කර ඇති කොපුවක් වැනි මේ උපකරණය යෝනි මාර්ගයට ඇතුළු කළ හැකි වන සේ නිර්මාණය කරන ඇත. ඔසප් කෝප්පයක් පැය 8 – 10ත් අතර කාලයක් පැළදගෙන සිටීමට පුළුවන්. රුධිරයට වැඩියෙන් පිටවනවා නම් ඔසප් කෝප්පය පැය 6කින් වුවත් ගලවා නැවත පැළද ගැනීමට හැකියි.

ඔසප් කෝප්පයක් (Menstrual Cup) භාවිතා කරන්නේ කෙසේද?

ඔසප් කෝප්පය බැලූ විට තරමක් විශාල ලෙස පෙනුණුනද ඒවා සාමාන්‍යයෙන් ඉතා නම්‍යශීලී (flexible) වේ. නිවැරදිව ඇතුළත් කළ පසු, බොහෝ දෙනෙකුට එය ඇතුළේ තිබෙන බවවත් දැනෙන්නේ නැත.

1. ඔබේ අත් හොඳින් සෝදා, ඔබට පහසු ඉරියව්වක් ගන්න.

ඔබට පහසු නම් වකුටු වී (squat), එක් කකුලක් උස් තැනක තබාගෙන, හෝ වැසිකිළි ආසනයේ දණහිස් දෙපසට විහිදුවා වාඩි වී මෙය කළ හැකියි.

2. ඔසප් කෝප්පය තද කර හෝ නවා එය සිහින් කරගෙන, ඔබේ ඇඟිලි භාවිතයෙන් යෝනි මාර්ගය තුළට සෙමින් ඇතුළත් කරන්න.

ඔබ භාවිතා කරන ඔසප් කෝප්පය සමඟ ලබා දී ඇති උපදෙස් අනුව, කෝප්පය නිවැරදි ලෙස නවන ආකාරය සහ යෝනි මාර්ගය තුළ නිවැරදි ස්ථානයේ තැබිය යුතු ආකාරය අනුගමනය කරන්න.

ඔබ සැහැල්ලුවෙන් සහ ආතතියකින් තොරව සිටින විට, ඔසප් කෝප්පය යෝනි මාර්ගයට ඇතුළත් කිරීම වඩාත් පහසු වනවා.

ඔබට එය ඇතුළත් කිරීමට අපහසු නම්, ඔබ විශ්වාස කරන සෞඛ්‍ය සේවා සපයන්නෙකු හෝ ඔසප් කෝප්ප භාවිතය පිළිබඳ දැනුමක් ඇති පුද්ගලයෙකුගෙන් එය නිවැරදිව භාවිතා කරන ආකාරය පිළිබඳ උපදෙස් ලබා ගැනීමට පුළුවන්.

3. සමහර ඔසප් කෝප්ප, ගැබ්ගෙල (Cervix) ආසන්නයට යෝනි මාර්ගය තුළ තරමක් ඉහළින් තැබිය යුතු අතර, තවත් සමහර කෝප්ප යෝනි මාර්ගයේ පහළ කොටසේ පිහිටන ලෙස භාවිතා කළ යුතුයි.

ඔබගේ ඔසප් කෝප්පය අපහසුතාවයක් ඇති කරන්නේ නම් හෝ එය නිවැරදි ස්ථානයේ නොමැති බව ඔබට හැඟෙන්නේ නම්, එය සෙමින් ඉවත් කර නැවත නිවැරදි ආකාරයෙන් ඇතුළත් කිරීමට උත්සාහ කරන්න.

4. ඔසප් කෝප්පය වරකට පැය 8 සිට 12 දක්වා පැළඳිය හැකියි. එසේ නැතිනම්, එය පිරෙන තෙක් භාවිතා කළ හැකියි.

ඔබගේ ඔසප් වීමේ රුධිර වහනය වැඩි හෝ අඩු වීම අනුව, කෝප්පය හිස් කළ යුතු කාලය වෙනස් වීමට පුළුවන්. ආරම්භයේදී, ඔබට ගැළපෙන වේලාව හඳුනා ගැනීම සඳහා එය නිතර පරීක්ෂා කිරීම ප්‍රයෝජනවත් වනවා.

5. ඔසප් කෝප්පය ගැලවීමේදී, තරමක් තටමා එහි අග ඇති කුඩා දණ්ඩට ඉහළින් අල්ලා සෙමින් පහළට අදින්න. 

ඔසප් කෝප්පයේ අග සුළුවට මිරිකීමෙන් එය රැදවී ඇති වායු ලොක් එක කැඩෙන නිසා පහසුවෙන්ම පහළට ඇද ගැනීමට පුළුවන්.

 

 

 

 

Social Share: