ඔබේ සහකරු සමඟ කැමැත්ත පිළිබඳව කතා කිරීම යහපත් සබඳතාවක් ගොඩනගා ගැනීම සඳහා අත්‍යවශ්‍ය පියවරක්. එකිනෙකාගේ සීමාවන් සහ ආශාවන් පිළිබඳව හවුල් අවබෝධයක් ඇති කර ගැනීමට කැමැත්ත ගැන කතා බහ කිරීම ඉතා වැදගත් වනවා.
දෙදෙනාගේම සීමා හදුනා ගැනීමට විවෘත සාකච්ඡාවක් පවත්වන්න. ඔබ දෙදෙනාටම විවෘතව සහ බාධාවකින් තොරව සංවාදයක් පැවැත්විය හැකි සුදුසු සහ පුද්ගලික වේලාවක් සහ ස්ථානයක් සොයා ගන්න. එය මුහුණට මුහුණ හෝ ඩිජිටල් මාධ්‍යයක් හරහා හෝ විය හැකියි. කුමන මාධ්‍යක් භාවිත කරත් ඔබ දෙදෙනා ලිංගික ක්‍රියා ආරම්භ කිරීමට තරමක් හෝ කලින් මෙම සංවාදය සිදු කරන්න.
මක්නිසාද අපි ලිංගිකව උත්තේජනය වී සිටින විට අපට මෙවැනි සාකච්ඡාවක් කිරීම අපහසු වෙන්න පුළුවන්. ලිංගික ක්‍රියාකාරකමට කලිනුත් කැමැත්ත ලබා ගැනීම අවශ්‍යයි. නමුත් තමන් ගේ සීමාවන්, ආශාවන් ගැන සහකරු සමග කලින් කතා කර තිබුණොත් ලිංගික සම්බන්ධතාවය වඩාත් තෘප්තිමත් කර ගන්න පුළුවන්.
කැමැත්ත යනු අඛණ්ඩ සංවාදයක් බව මතක තබා ගන්න. හවුල්කරුවන් දෙදෙනාටම ආරක්ෂිත සහ ගෞරවනීය පරිසරයක් නිර්මාණය කිරීම මෙහි ඉලක්කයයි. ඒ වගේම කැමැත්ත ඕනෑම වෙලාවක අස් ගැනීමට පුළුවන්. ලිංගික ඇසුර මැදදී වුවත් දැන් ඇති, නවත්තන්න, එපා වැනි පැහැදිළි වචන යොදා ගනිමින් කැමැත්ත ඉවත් කර ගන්න පුළුවන්.
ඕනෑම අවස්ථාවක කැමැත්ත කඩ කළහොත්, ඔබට කළ හැකි දේ මෙන්න:
ඔබේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන්න: ඔබට අනාරක්ෂිත බවක් හෝ අපහසුතාවයක් හෝ දැනේ නම්, හැකි ඉක්මනින් එම ස්ථානයෙන්/තත්ත්වයෙන් ඉවත් වන්න.
පැහැදිලිව සන්නිවේදනය කරන්න: ඔබේ සැපපහසුව සහ ආරක්ෂාව සහතික කරගැනීමෙන් පසුව කඩ කිරීම සිදුකළ පුද්ගලයාට ඔබේ හැඟීම කියන්න. ඔබ පත්වූ අපහසුතාවය ප්‍රකාශ කර ඔබේ සීමාවන්ට ගරු නොකළ බව ස්ථිරව කියන්න.
සහාය පතන්න: තත්ත්වය සාකච්ඡා කිරීමට සහ සහය ලබා ගැනීමට විශ්වාසවන්ත මිතුරෙකු, පවුලේ සාමාජිකයෙකු හෝ උපදේශකයෙකු වෙතට යන්න. විශේෂයෙන්ම ඔබ දිගින් දිගටම මේ සම්බන්ධයෙන් මනසින් පීඩා විඳින්නේ නම් , මග පෙන්වීම් සහ සහාය සැපයිය හැකි මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකු සමඟ කතා කිරීම සලකා බලන්න. මෙම කාලය තුළ සැනසීම සහ මග පෙන්වීම ලබා දිය සහය ජාලයක් ඔබ වටා ගොඩනගා ගැනීමට උත්සාහ කරන්න.
බලධාරීන් වෙත වාර්තා කරන්න: කැමැත්ත කඩ කිරීම අපරාධයකට, නීති විරෝධී ක්‍රියාකාරකමකට සම්බන්ධ නම් හෝ තර්ජනයක් නම් හෝ අදාළ බලධාරීන්ට සිද්ධිය වාර්තා කිරීම පිළිබඳව සලකා බලන්න.
වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වෙන්න: ලිංගික බලහත්කාරකමක් සිදුවුවහොත් වහාම ප්‍රතිකාර ලබාගන්න. ඔබට අනවශ්‍ය ගැබ්ගැනීමක් ඇති විය හැකි නම් හදිසි ගැබ්ගැනීම් වළක්වන පෙති ලබා ගන්න. ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් බෝ වී ඇත්දැයි පරීක්ෂා කර ගැනීම වැදගත්.
සිද්ධිය ලේඛනගත කරන්න: අවශ්‍ය නම්, දින, වේලාවන්, ස්ථාන සහ අදාළ සන්නිවේදනයන් ඇතුළුව කැමැත්ත කඩකිරීමේ විස්තර, සවිස්තර ලියා තබන්න. මෙය ඔබට ඉදිරියට ප්‍රයෝජනවත් වේවි.
නීතිමය ක්‍රියාමාර්ග සලකා බලන්න: කඩකිරීමේ බරපතලකම අනුව, ඔබට ඇති විකල්පයන් තේරුම් ගැනීමට ශ්‍රී ලංකා පොලිස් ළමා හා කාන්තා කාර්යංශය උපදෙස් ලබා ගන්න.