2026 ජනවාරි 12.
පාර්ලිමේන්තුවේදී අපට විරුද්ධව එල්ල කරන ලද චෝදනා වලට පිළිතුරකි.
1.තින්ක් ඊක්වල් (Think Equal) යනු චිත්‍රපට නිර්මාණකාරිණියක් වන ලෙස්ලි උඩ්වින් (Leslee Udwin) විසින් පිහිටුවන ලද සංවිධානයකි. අධ්‍යාපනය හරහා වෙසක් ඇති කිරීම සදහා ඇය පෙළඹී ඇත්තේ ඉන්දියාවේ නව දිල්ලි නගරයේ වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණය කර මරා දැමීම පිළිබද නිර්මාණය කළ India’s Daughter නැමති වාර්ථා චිත්‍රපටය සදහා ඝාතනයේ වදරකරුවන් සමග සිදු කළ සම්මුඛ සාකච්ඡා වලදී තේරුම් ගත් කරුණු මතයි.
ද ග්රාස්රූරට් ට්‍රස්ට් 2019 දී කෙටිකාලයක් තින්ක් ඊක්වල් සංවිධානය සමඟ එක්ව Sanwedi නමින් පෙරපාසල් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සහය විය. මෙම වැඩසටහනෙන් දකුණු පළාතේ තෝරා ගත් පෙරපාසල් කිහිපයක දරුවන් අතර හැගුම් සංවේදී ඉගෙනීම (social emotional learning) ප්‍රවර්ධනය කරන ලදී. හැගුම් සංවේදී ඉගෙනීම යනු කුමක්දැයි තවදුරටත් තේරුම්ගැනීමට UNESCO වෙබ් අඩවිය බලන්න – https://www.unesco.org/en/articles/what-you-need-know-about-social-and-emotional-learning
COVID වසංගතයත් සමඟ ඇතිවූ මුදල් හිඟකම මත තින්ක් ඊක්වල් සංවිධානය ශ්‍රී ලංකාවෙන් ඉවත් විය. ඔවුන්ගේ වෙබ් අඩවියhttps://thinkequal.org/ වේ. ශ්‍රී ලංකාවේදී ඔවුන්ට ලැබුණු අත්දැකීම් ගැන දැනගැනීමට ඔවුන් සමඟ සෘජුව සම්බන්ධ වීමටපුළුවන්.
2. දැනට පවතින ශ්‍රී ලංකා රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ද ග්රාස්රූරට් ට්‍රස්ට් කිසි දිනෙක සම්බන්ධ වී නොමැති. අවශ්යකෙනෙකුට මෙය පහසුවෙන් සත්‍යාපනය කරගත හැකිය.
3. යුනෙස්කෝ (UNESCO) තාක්ෂණික මාර්ගෝපදේශයට (https://www.unesco.org/en/articles/international-technical-guidance-sexuality-education-evidence-informed-approach ) අනුව නිර්වචනය කරන ලද වයසට සරිලන පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය (comprehensive sexuality education) සඳහා ද ග්රාස්රූරට් ට්‍රස්ට් නොනැවතී අධිවාචනය කරයි. දැනටසිදු වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළද මේ ප්‍රවේශය ඇතළත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
ශ්‍රී ලංකාවේ ලිංගික (sex) සහ ලිංගිකත්වය (sexuality) යන වචන සම්බන්ධයෙන් ඇති විරූපීකරණය සහ භීතිය නිසා අපි සාමාන්‍යයෙන් මෙය ‘සම්බන්ධතා අධ්‍යාපනය’ (Relationship Education) ලෙස හදුන්වන්නෙමු. ලිංගික ඇසුර සහ ප්‍රජනනය පිළිබඳ නොව ගෞරවය, කැමැත්ත, සහකම්පනය, විශ්වාසය, සහ දැනුවත් තීරණ ගැනීම වැනි වටිනාකම්ද එවැනි පරිපූරණ ප්‍රවේශයක ඇතුළත් විය යුතු බව අපගේ විශ්වාසයයි.
4. ශ්‍රී ලංකාවේ ලිංගිකත්වය සහ සමාජභාවය මත පදනම් කර ගත් ප්රචණ්ඩ ක්‍රියා වලින් (SGBV) දිවි ගලවාගත් සෑම පුද්ගලයෙකුමට සහය දීමට ද ග්රාස්රූරට් ට්‍රස්ට් කැපවී සිටී. විෂම ලිංගික නොවන ලිංගික දිශානතීන් (sexual orientations) සහිත පුද්ගලයන්ව, විවිධ සමජභාවයන් (gender identities) සහිත පුද්ගලන්ව, විවිධ සමාජභාවී ප්‍රකාශණයන් (gender expression) ඇති පුද්ගලයන්ව මෙන්ම විවිධ ලිංගික චරිත ලක්ෂණ (sex characteristics) ඇති පුද්ගලයන්ව අපගේ සේවා වලින් කිසි විටකත් බැහැර කරන්නේ නැත.
5. ද ග්රාස්රූරට් ට්‍රස්ට් අරමුදල් ලබාදෙන ආයතනයක් නොවේ. ඩාබිඳු සාමූහිකය ඇතුළු කිසිම සංවිධානයකට අපි අරමුදල් ලබා දී නොමැත. නමුත්, ප්‍රජා මූල සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, පාසල්, විශ්ව විද්‍යාල, වෘත්තීය සංගම්, පෞද්ගලික කොම්පැණි, සහ රජයේ ආයතන වලට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සහ අයිතිවාසිකම් (SRHR), අන්තර්ජාලය හරහා සිදු වන හිංසන ක්‍රියා (OSGBV) ඇතුළු ලිංගිකත්වය සහ සමාජභාවය මග පදනම්ව සිදු කරන ප්රචණ්ඩත්වය (SGBV) වැළැක්වීම සහ ළම ආරක්ෂණය (CP) පිළිබද තොරතුරු සහ සහය ලබා දෙන මූලාශ්‍රයක් ලෙස අප ආයතනය ක්‍රියාත්මක වේ.
තෝරා ගත් පෞද්ගලික කොම්පැණි සහ වෘත්තීය සංගම් සමග අප විසින් සිදු කරන වැඩ ඒ ඒ ආයතය වල ඇති විවිධත්වය, සාධාරණත්වය සහ බැහැර නොකිරීමේ ප්‍රතිපත්ති (diversity, equity and inclusion policy) හා බැඳී ඇත. විෂම ලිංගික නොවනලිංගික දිශානතීන් සහිත පුද්ගලයන්ව, විවිධ සමජභාවයන් සහිත පුද්ගලන්ව, විවිධ සමාජභාවී ප්‍රකාශණයන් ඇති පුද්ගලයන්ව සහ විවිධ ලිංගික චරිත ලක්ෂණ ඇති පුද්ගලයන් පිළිබද දැනුවත්භාවය ගොඩනැගීම මෙම ප්‍රතිපත්ති සදහා අවශ්‍ය අංගයකි.
6. විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ තොරතුරු බෙදා හැරීමට ද ග්රාස්රූරට් ට්‍රස්ට් කැපවී සිටී. උදාහරණයක් ලෙස සමලිංගිකත්වය මානසික රෝගයක් නොවන බව 1970 දශකයේ ආරම්භයේදී ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය මානසික රෝග විශේෂඥ සංගම් පෙන්වා ඇත. 1992දී ලෝක සෞඛ්‍ය සංවිධානයත්, 2018දී ශ්‍රී ලංකා මනේ වෛද්‍ය විද්‍යාලයත් එය තහවුරු කර ඇත.
විෂම ලිංගික නොවන ලිංගික දිශානතීන්, ස්ත්‍රී පුරුෂ ද්විත්වයෙන් එහා ගිය සමජභාවයන් සහ සමාජභාවී ප්‍රකාශණයන් මෙන්ම විවිධ ලිංගික චරිත ලක්ෂණ බටහිරින් ආනයනය කළ දෙයක් නොවන බවට සාක්ෂිද අපි බෙදා හරින්නෙමු. ඒ සාක්ෂි අතර ක්‍රි.ව 8 වන සියවසේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ දේවාලයක් වන කජුරාවෝ හි ඇති කැටයම් සහ තුන්වන සියවසේ ලියැවී ඇති කාම සූත්‍රය නැමති පොතද වේ. උදාහරණයක් ලෙස කාමසූත්රය ලියා ඇත්තේ විෂම ලිංගික පුද්ගලයන්ට පමණක් නොවේ.
7. වැඩිහිටියන් අතර කැමැත්තෙන් සිදුවන සමලිංගික සම්බන්ධතා සාපරාධීභාවයෙන් මුදවා ගැනීම සදහා දණ්ඩනීති සංග්‍රහයේ ඇති 365 සහ 365ඒ වගන්ති සංශෝධනය කළ යුතු බව 2021 දී ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය විසින් සිදු කළ ප්‍රකාශයට දග්රාස්රූරට් ට්‍රස්ට් සහය ලබා දේ. https://www.dailymirror.lk/breaking-news/Sri-Lanka-College-of-Psychiatrists-urge-authorities-to-decriminalize-homosexuality/108-218589
එසේම, 2023 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රෙම්නාත් දොළවත්ත විසින් 365 සහ 365A සංශෝධනය සඳහා ඉදිරිපත් කළ පෞද්ගලික යෝජනාවට අන්තර්ජාලය හරහා අපි සහය පළ කළෙමු. https://manthri.lk/en/blog/posts/decriminalising-homosexuality
2023 මැයි මාසයේදී ශ්‍රී ලංකා ශ්‍රේෂඨාධිකරණය විසින් 365 සහ 365A අවලංගු කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ නොවන බව තීරණය කළ විටද අපි එය ස්තූති සහගතව පිළිගෙන ඇත. https://edition.cnn.com/2023/05/09/asia/sri-lanka-decriminalize-homosexuality-supreme-court-intl-hnk
8. සිසුන්ට අහිතකර ලෙස බලපෑ හැකි වෙබ් සබැඳියක් 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළපොතට ඇතුළත් කිරීම මගින් විදහා පාන ජාතික අධ්‍යාපන ආයතනයේ වගවීම් රහිත ස්වභාවය දැනට රජය මගින් සාකච්ඡා කරමින් පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහි ආයුධයක් බවට පත් නොකළ යුතුය. එමෙන්ම, මෙම ප්‍රතිසංස්කරණ 21 වන සියවසේ සාක්ෂි මත පදනම් වූ අධ්‍යාපන විධිවිධාන පිළිබද විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
අවසන් වශයෙන්, මේ සාකච්ඡාව අතිශයින් දේශපාලනික අරමුණු සදහා මෙහෙයවීම තුළ සම ලිංගික, ද්වී ලිංගික, සංක්‍රාන්ති, අන්තර්ලිංගික, කුයර්, ද්වී නොව සහ අලිංගික (LGBTIQA) අපගේ සහෝදර පුරවැසියන්ගේ ජීවිත වලට ඍණාත්මක බලපෑමක් එල්ල කරයි. රැකියා, නිවාස හා අධ්‍යාපනය යන ක්ෂේත්රවලදී ඔවුන් ඉතා දැඩි අපහසුතාවයන්ට මුහුණ දේ. ඊට අමතරව, ඔවුන් කොන් කිරීම, වෙනස්කොට සැලකීම සහ දඩුවම්කි රීම පිළිබද බියද ඔවුන්ගේ ජීවිත වලට එකතු වී ඇත.
ද ග්රාස්රූරට් ට්‍රස්ට් ඉදිරයටත් අපට මග පෙන්වන ගෞරවය, කරුණාව, සතුය සහ සාමය ඇතුළු අපගේ මූලික වටිනාකම් ඔස්සේ ක්‍රියාත්මකවනු ඇත.
நாடாளுமன்ற குற்றச்சாட்டுகளுக்கு கிராஸ்ரூட்டட் ட்ரஸ்ட் (The Grassrooted Trust) வழங்கும் விளக்கங்கள்
நாடாளுமன்றத்தில் எங்களுக்கு எதிராக முன்வைக்கப்பட்ட குற்றச்சாட்டுகளுக்கு பதிலளிக்கும் வகையில் சில உண்மைகள்இங்கே கொடுக்கப்பட்டுள்ளன:
1. ‘திங்க் ஈக்வல்’ (Think Equal) என்பது திரைப்படத் தயாரிப்பாளர் லெஸ்லி உட்வின் (Leslee Udwin) அவர்களால்நிறுவப்பட்ட ஒரு அமைப்பாகும். புது தில்லியில் மருத்துவ மாணவி ஒருவர் கூட்டுப் பலாத்காரத்திற்குள்ளான சம்பவத்தின்குற்றவாளிகளை தனது ‘இந்தியாஸ் டாட்டர்’ (India’s Daughter) படத்திற்காக அவர் பேட்டி கண்டபோது, கல்வியின்மூலம் மாற்றத்தை உருவாக்க வேண்டும் என்ற உந்துதல் அவருக்கு ஏற்பட்டது. https://www.youtube.com/watch?v=2c2CALjAv2g
தென் மாகாணத்தில் தேர்ந்தெடுக்கப்பட்ட முன்பள்ளிகளிடையே சமூக உணர்ச்சி கற்றலை (Social Emotional Learning) ஊக்குவிக்கும் ‘சன்வேதி’ (Sanwedi) எனும் முன்பள்ளித் திட்டத்தை அறிமுகப்படுத்த திங்க் ஈக்வல் அமைப்புக்குஉதவுவதற்காக, கிராஸ்ரூட்டட் ட்ரஸ்ட் 2019 இல் அவர்களுடன் குறுகிய காலம் பணியாற்றியது.
சமூக உணர்ச்சி கற்றல் என்பது எதனை உள்ளடக்கியது என்பதைப் பற்றி மேலும் புரிந்துகொள்ள யுனெஸ்கோ(UNESCO) இணையதளத்தைப் பார்வையிடவும்: https://www.unesco.org/en/articles/what-you-need-know-about-social-and-emotional-learning
நிதி நெருக்கடிகள் காரணமாக கோவிட் (COVID) பெருந்தொற்றின் போது திங்க் ஈக்வல் இலங்கையிலிருந்துவெளியேறியது. இது திங்க் ஈக்வல் இணையதளம்: https://thinkequal.org/. இலங்கையில் அவர்களின் அனுபவத்தைப்பற்றி அறிய தயவுசெய்து அவர்களை நேரடியாகத் தொடர்புகொள்ளவும்.
2. கிராஸ்ரூட்டட் ட்ரஸ்ட் எந்தவொரு சந்தர்ப்பத்திலும் தற்போதைய இலங்கை அரசாங்கத்தின் கல்விச் சீர்திருத்தச்செயல்பாட்டில் ஈடுபடவில்லை. இதனை இலகுவாக சரிபார்க்க முடியும்.
3. யுனெஸ்கோவின் சர்வதேச தொழில்நுட்ப வழிகாட்டுதல்களால் வரையறுக்கப்பட்ட – https://www.unesco.org/en/health-education/international-technical-guidance-sexuality-education – வயதுக்கு ஏற்ற விரிவான பாலியல் கல்வி (Comprehensive Sexuality Education) அணுகுமுறைகளுக்காக கிராஸ்ரூட்டட் ட்ரஸ்ட் தொடர்ந்து குரல் கொடுத்து வருகிறது. தற்போதைய அரசாங்கம் தனது கல்விச் சீர்திருத்தச் செயல்பாட்டில் இதனைக் கருத்தில் கொள்ளும் என்று நாங்கள்நம்புகிறோம்.
இலங்கையில் ‘பால்’ (Sex) மற்றும் ‘பாலியல்’ (Sexuality) என்ற சொற்களுடன் தொடர்புடைய தேவையற்ற அச்சங்கள்காரணமாகவும், கல்வி என்பது வெறும் உடல் ரீதியான பாலியல் மற்றும் இனப்பெருக்கம் பற்றி மட்டும் இருக்க முடியாதுஎன்பதாலும், பொதுவாக எங்களது அணுகுமுறையை ‘உறவுமுறை கல்வி’ (Relationship Education) என்றுகுறிப்பிடுகிறோம். நாம் மற்றவர்களை எவ்வாறு நடத்துகிறோம் என்பதும் இதில் அடங்க வேண்டும்; மரியாதை, சம்மதம், பச்சாதாபம் (Empathy), நம்பிக்கை மற்றும் தகவல் தெரிந்த முடிவெடுத்தல் ஆகியவை எந்தவொரு விரிவானஅணுகுமுறையிலும் அத்தியாவசியமான கூறுகளாகும்.
4. இலங்கையில் பாலியல் மற்றும் பாலின அடிப்படையிலான வன்முறையினால் (SGBV) பாதிக்கப்பட்ட அனைவருக்கும்ஆதரவளிக்க கிராஸ்ரூட்டட் ட்ரஸ்ட் உறுதிபூண்டுள்ளது. இதில் மாறுபட்ட பாலியல் நோக்குநிலை, பாலினஅடையாளங்கள், பாலின வெளிப்பாடுகள் மற்றும் பால் பண்புகளைக் கொண்ட இலங்கை குடிமக்களும் அடங்குவர்.
5. நாங்கள் ஒரு நிதியுதவி வழங்கும் நிறுவனம் அல்ல, மேலும் தாபிந்து கூட்டுக்குழு (Dabindu Collective) உட்படஎந்தவொரு அமைப்பிற்கும் எந்த நேரத்திலும் நிதி வழங்கவில்லை. கிராஸ்ரூட்டட் ட்ரஸ்ட் என்பது பாலியல் மற்றும்இனப்பெருக்க ஆரோக்கியம் மற்றும் உரிமைகள், இணையவழி வன்முறை உட்பட SGBV தடுப்பு மற்றும் சிறுவர்பாதுகாப்பு ஆகியவற்றில் ஒரு வள மையமாக (Resource point) இயங்குகிறது.
தேர்ந்தெடுக்கப்பட்ட தனியார் நிறுவனங்கள் மற்றும் தொழிற்சங்கங்களுடனான எங்களது பணி, அவர்களின்பன்முகத்தன்மை, சமத்துவம் மற்றும் உள்ளடக்கக் கொள்கை (DEI) கட்டமைப்பில் கவனம் செலுத்துகிறது. இதுஇலங்கையில் மாறுபட்ட பாலியல் நோக்குநிலை மற்றும் பாலின அடையாளங்களைக் கொண்ட நபர்கள் பற்றியவிழிப்புணர்வை ஏற்படுத்துவதை உள்ளடக்கியது.
6. ஓரினச்சேர்க்கை என்பது ஒரு மனநோய் அல்ல என்பது போன்ற ஆதார அடிப்படையிலான அறிவியல் தகவல்களைப்பகிர்ந்து கொள்வதில் கிராஸ்ரூட்டட் ட்ரஸ்ட் உறுதியாக உள்ளது – இது 1970களின் தொடக்கத்தில் அமெரிக்க மற்றும்பிரித்தானிய மனநல மருத்துவ சங்கங்களாலும், 1992 இல் உலக சுகாதார நிறுவனத்தாலும் (WHO), 2018 இல் இலங்கைமனநல மருத்துவர் கல்லூரியாலும் (Sri Lanka College of Psychiatrists) உறுதிப்படுத்தப்பட்டது.
மேலும், இவை மேற்கத்திய இறக்குமதி அல்ல என்பதற்கான சான்றுகளாக மத்திய பிரதேசத்தில் உள்ள கி.பி. 8ஆம்நூற்றாண்டின் கஜுராஹோ கோயில் சிற்பங்கள் மற்றும் கி.பி. 3ஆம் நூற்றாண்டின் காமசூத்திரம் ஆகியவற்றைக்குறிப்பிடலாம்.
7. பரஸ்பர சம்மதத்துடன் முதிர்ந்த நபர்களுக்கு இடையிலான ஒரே பாலின உறவுகளைத் தண்டிக்கும் இலங்கைதண்டனைச் சட்டத்தின் 365 மற்றும் 365A பிரிவுகளை நீக்கக்கோரி 2021 இல் இலங்கை மனநல மருத்துவர் கல்லூரிவிடுத்த அழைப்பை நாங்கள் ஆதரிக்கிறோம்: https://www.dailymirror.lk/print/front_page/Sri-Lanka-College-of-Psychiatrists-calls-for-decriminalization-of-homosexuality/108-218589
இச்சட்டப் பிரிவுகளைத் திருத்துவதற்காக 2023 ஏப்ரலில் தனிநபர் மசோதாவைக் கொண்டு வந்த நாடாளுமன்றஉறுப்பினர் பிரேம்நாத் தொலவத்தவை நாங்கள் ஆதரித்தோம்: https://manthri.lk/en/news_posts/decriminalising-homosexuality
இச்சட்டங்களை நீக்குவது அரசியலமைப்பை மீறாது என்று 2023 மே மாதம் இலங்கை உயர் நீதிமன்றம்தீர்ப்பளித்தபோது நாங்கள் அதனைப் பாராட்டினோம்: https://edition.cnn.com/2023/05/09/asia/sri-lanka-decriminalize-same-sex-relations-intl-hnk/index.html
8. தேசிய கல்வி நிறுவனத்தின் (NIE) 6ஆம் வகுப்பு ஆங்கிலப் பாடத்திட்ட மீளாய்வுச் செயல்பாட்டில் ஏற்பட்ட தவறுகள்,தற்போதைய கல்விச் சீர்திருத்தங்களுக்கு எதிராக ஒரு ஆயுதமாகப் பயன்படுத்தப்படக்கூடாது.
இறுதியாக, அரசியல் நோக்கங்களுக்காக இப்பிரச்சினையை பரபரப்பாக்குவது எமது சக இலங்கை குடிமக்களானLGBTQIA+ சமூகத்தினரின் வாழ்க்கையில், குறிப்பாக வேலைவாய்ப்பு மற்றும் கல்வியில் பாரிய எதிர்மறையான தாக்கத்தைஏற்படுத்துகிறது.
மரியாதை, கருணை, மகிழ்ச்சி மற்றும் அமைதி ஆகிய எமது அடிப்படைக் கொள்கைகளின் படியே கிராஸ்ரூட்டட் ட்ரஸ்ட்தொடர்ந்து இயங்கும்.
Here are some facts in response to allegations against us made in parliament.
1. Think Equal is an organization set up by film maker Leslee Udwin, who was inspired to create change through education after she interviewed the perpetrators of the gang rape of a medical student in New Delhi for her film ‘India’s Daughter.’ https://www.youtube.com/watch?v=2c2CALjAv2g
The Grassrooted Trust worked briefly with Think Equal in 2019 to help them roll-out a pre-school programme – Sanwedi – promoting social emotional learning among selected preschools in the Southern Province.
Visit the UNESCO website to understand more about what social emotional learning entails – https://www.unesco.org/en/articles/what-you-need-know-about-social-and-emotional-learning
Think Equal left Sri Lanka during the COVID pandemic due to budgetary constraints. This is the Think Equal website -https://thinkequal.org/ Kindly contact them directly to learn of their experience in Sri Lanka.
2. The Grassrooted Trust has at no point been involved in the education reform process of the current Sri Lankan government. This is easily verifiable.
3. The Grassrooted Trust has and continues to advocate for age appropriate approaches to comprehensive sexuality education as defined by the UNESCO technical guidelines – https://www.unesco.org/en/articles/international-technical-guidance-sexuality-education-evidence-informed-approach which we hope the current government is taking into consideration in their education reform process.
Our approach is generally to refer to this as ‘Relationship Education’, because of the alarmist associations with the words sex and sexuality in Sri Lanka, and also the fact that education cannot be just about sex and reproduction, it must also be about how we treat other; respect, consent, empathy, trust, and informed decision making are essential components of any comprehensive approach.
4. The Grassrooted Trust is committed to supporting all survivors of sexual and gender-based violence [SGBV] in Sri Lanka. This includes those Sri Lankan citizens of non-heteronormative sexual orientations, gender identities, gender expression, and sex characteristics.
5. We are not a funding agency, and have at no point funded any organization, including the Dabindu Collective. The Grassrooted Trust operates as a resource point on sexual and reproductive health and rights, prevention of SGBV including online SGBV, and Child Protection, for a cross section of community-based organizations, non-government organizations, schools, universities, trade unions, corporate and government entities.
Our work with selected corporate entities and trade unions focuses on their diversity, equity and inclusion policy framework, which necessarily involves awareness building on people of non-heteronormative sexual orientations, gender identities, gender expressions, and sex characteristics in Sri Lanka.
6. The Grassrooted Trust is committed to sharing evidence-based scientific information which includes, for example, that homosexuality is not a mental illness – as first propounded by the American and British Psychiatrist Associations in in the early 1970s, the World Health Organization by 1992, and the Sri Lanka College of Psychiatrists in 2018.
We also share information on how non-heteronormative sexual orientations, gender identities, gender expressions, and sex characteristics are not a Western import. Evidence includes the detailed stone friezes of the 8th century CE Khajuraho Temple in Madya Pradesh and the Kama Sutra [circa 3rd century CE], i.e. the Kama Sutra was not written for heterosexuals.
7. The Grassrooted Trust supports the call made by the Sri Lanka College of Psychiatrists in 2021 to decriminalize section 365 and 365a of the Sri Lanka Penal Code that criminalizes same-sex relationships between consenting adults. https://www.dailymirror.lk/breaking-news/Sri-Lanka-College-of-Psychiatrists-urge-authorities-to-decriminalize-homosexuality/108-218589
We supported [online] the then SLPP MP Premnath Dolawatte who brought forward a private member bill to in April 2023 to amend section 365 and 365a. https://manthri.lk/en/blog/posts/decriminalising-homosexuality
We applauded the Supreme Court of Sri Lankan in May 2023 when they concluded that repealing of 365 and 365a does not violate the constitution of Sri Lanka. https://edition.cnn.com/2023/05/09/asia/sri-lanka-decriminalize-homosexuality-supreme-court-intl-hnk
8. The lack of accountability by the National Institute of Education, which clearly failed in their English curriculum review process by including an inappropriate weblink that would have potentially harmed the psyche of students in Grade 6, should not be weaponized against efforts by this government to bring in substantive education reform that is [hopefully] based on the input of experts in the field of 21st century evidence-based pedagogy.
Finally, it is also a fact that the sensationalizing of this issue for political purposes does have a negative impact on the lives of our fellow Sri Lankan citizens across the island who are gay, lesbian, bisexual, trans, intersex, queer, non-binary and asexual. Employment, housing and education are three key areas that are affected, in addition to the fear of stigma, discrimination and persecution.
The Grassrooted Trust will continue to be governed by our core principles that guide us, which include – respect, kindness, joy and peace.