වැඩ ලෝකය තුළ හිංසන හිංසන පිටුදැකීමේ ILO 190 වන ගිවිසුම ශ්‍රී ලංකාව අපරානුමත කරයි

2026 ජනවාරි 09.

වැඩ ලෝකය තුළ සිදුවන හිරිහැර හා ප්‍රචණ්ඩත්වය පිටුදැකීම පිළිබද ජාත්‍යන්තර ගිවිසුම හෙවත් ILO C190 ඊයේ ශ්‍රී ලංකා රජය විසින් අපරානු මත කර තිබනවා. මෙමෙ ගිවිසුම 2019දී ලෝක කම්කරු සංවිධනය විසින් හදුන්වා දුන් අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය සහ කම්කරු නියෝජිතයන් එයට පක්ෂව ඡන්දය භාවිත කළ අතර වසර 6ක් තිස්සේ පැවති ත්‍රෛපාර්ශික සාක්චඡා වල ප්‍රතිඵලයක් ලෙස දැන් මේ ගිවිසුම අපරානුමත කර තිබෙනවා.

වැඩ ලෝකයේ සිටින සියළු දෙනාටම ආවරණය වන ලෙස සකස් කර ඇති C190 ගිවිසුම හිංසනට සහ වැඩලෝකය ඉතා පුළුල්ව නිර්වචනය කර තිබීම විශේශත්වයක්.

ගිවිසුම අපරානුමත් කිරීම වැඩ කරන ජනතාවගේ ජයග්‍රහණයකි. එය සැබෑ ජයග්‍රහණයක් වන්නේ අපරාණුමත කළ ගිවිසුම පාර්ලිමේන්තු පණත්ක බවට පත් කිරීමෙන් බව මේ සම්බන්ධයෙන් දීර්ග කාලයක් අධිවාචනය කළ ශ්‍රී ලංකා ජෙන්ඩර් ප්ලැට්ෆෝම් නියෝජිතයන්ගේ අදහසයි. එහි සාමාජික වෘත්තීය සංගමයක් වන ප්‍රොටෙක්ට් සංගමයේ ලේකම් කල්ප මධුරංග ඉදිරිපත් කරන්නේ මෙවැනි අදහසක්.

“2019 වසරේ සිට පැවති ආණ්ඩු කිහිපයක් ම වැඩබිම තුළ (වැඩ ලෝකය තුළ) හිංසනය සහ ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා දැමීම සඳහා වන ILO C190 සම්මුතිය රට තුළ අපරානුමත කිරීමට අසමත් වූ නමුත් වත්මන් ආණ්ඩුව මෙම ශිෂ්ට තීරණය ගැනීම පිළිබඳව අප සතුටු වන්නෙමු. මෙය වසර ගණනාවක් තිස්සේ වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, රජය නොවන සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන් අඩු වැඩි වශයෙන් මැදිහත් වෙමින් සිදු කළ සටන් සහ තවත් ක්‍රියාකාරකම් රැසක සාමූහික ප්‍රතිඵලයකි.

මෙහිදී ඊළඟට පැමිණෙන අභියෝගය වන්නේ මෙය රටේ නීතිය තුළට එක් කරගන්නේ කෙසේද යන්නයි. මක් නිසාද යත් හිංසනය සහ ප්‍රචණ්ඩත්වය වැඩ බිමෙන් තුරන් කර දැමීමට අවශ්‍ය ප්‍රධාන කාර්යභාරය සිදු කළ යුතු හාම්පුතුන් මේ සඳහා මුලස සිටම විරුද්ධ විය. නූතන සහ ශිෂ්ට යයි පවසන මේ යුගයේ ශ්‍රී ලංකාව තුළ නූතන වහල් භාවය සහ අසාධාරණ කම්කරු පිළිවෙත් තවදුරටත් සේවකයා මත යොදවමින් සිටින හාම්පුත්තු සමග මෙය සිදු කිරීම ලේසි පහසු නොවේ. නමුත් මෙය කෙසේ හෝ යථාර්තයක් කර ගත යුතුය. රටේ කම්කරු නීතියට මෙය එක් නොවී සහ එක් වුවත් භාවිත නොවී පැවතියහොත් මීට පෙර රට තුළ අපරානුමත කළ සමහර ප්‍රඥප්ති ගොඩට මෙයද එක් වනු ඇත.

මෙය සාමූහික සහ ත්‍රෛ පාර්ශවීය ක්‍රියාවලියකි. රජය මෙහි නීති සම්පාදනය සඳහා කඩිනමින් කටයුතු කළ යුතු අතර හාම්පුතුන්, සේව්‍ය සම්මේලන සහ සංගම්, වෘත්තීය සමිති ඊට අදාළ සහය දැක්විය යුතුය. සැබවින්ම කාර්මික සාමය තුළ, යහපත් කාර්මික සම්බන්ධතා තුළ, යහපත් වැඩප්රිසටහයක් තුළ ශිෂ්ට සමාජයක් තුළ හිංසනය සහ ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා දැමිය යුතුමය. ඒ මත තම ලාභය, තම ටාගට් සම්පුර්ණ කිරීම, ව්‍යාපාර දියුණුව සහ පෞද්ගලික ඕනෑ එපා කම් තීරණය කරන්නේ නම් එය ශිෂ්ට සමාජයක, නූතන සමාජයක ලක්ෂණයක් නොවේ. එම නිසා නූතන වැඩ ලෝකය තුළ සියලු දෙනා කායික, මානසික, වාචික සහ ලිංගික හිංසනයෙන් සහ හිරිහැර කිරීම් වලින් නිදහස් විය යුතුය. ඒ සඳහා පාර්ශව තුනම සිය වගකීම සහ වගවීම කාර්යභාරය ඉටු කළ යුතුය. ඒ සඳහා සුවිශේෂී මැදිහත් වීමක් කළ යුතුය.

මෙය රට තුළ අපරානුමත කිරීමෙන් ඉදිරියට යාමට පෙරට වඩා මහන්සි විය යුතුය. මෙය යථාර්තයක් කර ගැනීම සඳහා එරෙහි වන සියළු නූතන වහල් හිමියන්, රදළයන්, ධනපතියන් සහ සෑම මාදිලියේම පීඩකයන්, හින්සකයන් හෙළිදරව් කරමින් මෙහි අවසාන ජයග්‍රහණය කරා යා යුතුය. එසේම මේ සඳහා අඩු අවබෝධයක් ඇති සියලු දෙනා සහ සමාජයම දැනුවත් කළ යුතුය. කිසිවෙක් මග නොහැර මේ කාර්යය සිදු කළ යුතු අතර කම්කරු දෙපාර්තමේන්තුව කඩිනමින් මිට අදාළ නීති කෙටුම්පත් කළ යුතුය. මිට අදාළව කම්කරු නීතියේ පවතින හිඩැස් පිළිබඳව වසර ගණනාවක් තිස්සේ කම්කරු අමාත්‍යංශයට සහ දෙපාර්තමේන්තුවට බාර දී ඇති අතර ඒවා මෙම නීති සම්පාදන ක්‍රියාවලියට ගැනීම මෙම කාර්යය තවත් වේගවත් වනු ඇත. වැඩ ලෝකය තුළ හිංසනය සහ සහ ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා දැමීම උදෙසා පෙළ ගැසෙමු!”

NUWහි කාන්තා අංශයේ නායිකාවක් වන සරස්වතී සිවගුරු මෙසේ පැවසුවා – “මේ ගිවිසුම අපරානුමත කිරීම ඉතාම හෙද දෙයක්, ඒ ගැන අපි රජයට ස්තුතිවන්ත වෙනවා. වතු ක්ෂේත්‍රයේ ස්ත්‍රීන් ඉතා බරපතල හිංසන වලට කල් වනවා. ඒ නිසා මේ ගිවිසුම අපරානුමත කිරීමෙන් නැවතිලා පණතක් ලෙස ක්‍රියාත්මක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා” 

අභිමාන සේවක සංගමයේ ඉමාෂා පෙරේරා මේ පිළිබද අදහස් දැක්වූයේ මෙසේයි – “මේ ගිවිසුම වැඩ ලෝකය තුළ සිටින සියළුම අයට අදාල වෙනවා. ඒ නිසා විවිධ ලිංගික දිශානතීන් සහ සමාජභාවයන්ට අයත් වැඩ කරන ජනවතාවටත් ගෞරවයෙන් යුතුව වැඩ කිරීමට වටපිටාව සකස් කිරීමට පුළුවන්.” 

ILO C190 ගිවිසුම ගැන තවත් තොරතුර සහ වීඩියෝ නැරඹීමට Violence Free Workplace – Sri Lanka ෆේස් බුක් පිටුවට පිවිසෙන්න.

ශ්‍රී ලංකාවේ නීති රාමුව සහ සී 190 ගිවිසුම අතර ඇති පරතරය පිළිබද සෙයා බැලූ සමීක්ෂණ වාර්තාව කියවන්න.

වැඩ ලෝකය තුළ ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර අවම කිරීම සදහා වෘත්තීව සංගම් වලට යෝජනා කරන ප්‍රතිපත්ති රාමුව  මෙතැනිනි බාගත කරගන්න.

Social Share: