
ව්‍යසන අවස්ථා වලදී බොහෝ විට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබද වූ ඉලක්ක වලට ලැබෙන්නේ දෙවැනි තැනකි. නමුත්, ඒවාට දක්වන හදිසි ප්‍රතිචාර තුළ ස්ත්‍රී පුරුෂ අසමානතාවයන් උග්‍ර වීමට බොහෝවිට ඉඩ තිබේ. 2014 දී පැවති ඉබෝලා, 2015 – 2016 දී සාර්ස් හා කුරුළු උණ පැවති සමයේදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය කෙරෙහි දිගු කාලීනව ඝෘණාත්මක බලපෑම් ඇතිවුණි.
කොවිඩ් වසංගත තත්ත්වය මේ වනවිට රටවල් 185 කට අධික සංඛ්‍යාවක පැතිරී ගොස් තිබෙන අතර එය ලෝකයේ පාලන ව්‍යුහයන්ට පෙර නොවූ විරූ අභියෝගයක් වී තිබේ. කොවිඩ් වසංගත තත්වය හමුවේ පුරුෂයින්ට මෙන්ම ස්ත්‍රීන්ට ද වඩාත් සාධාරණ සමාජ අවකාශයක් නිර්මාණය කිරීමට නම් ප්‍රතිපත්ති හා මැදිහත්වීම් වලදී ස්ත්‍රී සහභාගීත්වය සහතික කළ යුතුය.
ලොව පුරා කොවිඩ් වසංගතයට මුහුණ දීමේ සටනේ ඉදිරියෙන්ම සිටින්නේ ස්ත්‍රීන් යැයි කිවහොත් එය නිවැරදිය. මන්ද, ගෝලීය වශයෙන් සෞඛ්‍ය හා රැක බලා ගැනීමේ සේවාවාන් වල නියුතු පුද්ගලයන්ගෙන් 70%ක්ම ස්ත්‍රීන් වන නිසාය. ශ්‍රී ලංකාවේ 35000ක් පමණ වන හෙද ශ්‍රම බලකායෙන් 95%ම සිටින්නේ ස්ත්‍රීන්ය.
ශ්‍රී ලංකාවේ රෝහල් වලට ප්‍රමාණවත් තරමේ පුද්ගල ආරක්ෂණ මෙවලම් නොමැති බව රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය පෙන්වා දී තිබුණි. කොවිඩ් වැළඳී තිබෙන රෝගීන් සමග කටයුතු කරන හෙදියන් සඳහා ප්‍රමාණවත් පුද්ගල ආරක්ෂණ උපකරණ ලබානොදීමෙන් ඇතිවිය හැකි දරුණු ප්‍රතිවිපාක ගැන ජාත්‍යන්තර හෙද කවුන්සිලයද පෙන්වා දී තිබුණි. ස්ත්‍රියක් වීම නිසාම සමාජය ඇය වෙත පවරා ඇති ගෘහස්ථ වගකීම් කොවිඩ් වසංගතය නිසා අඩු වන්නේ නැත. විශේෂයෙන්ම, ඇදිරි නීතිය සහ පාසල් වසා ඇති පසුබිමක් තුළ ගෘහයේ වගකීම් ඉහළ ගොස් ඇත.
ඉලක්කගත ආධාර හා වසංගතය පැතිරීම අවම කිරීමේ පියවර සකස් කිරීම මෙන්ම සම්පත් අත්‍යවශ්‍ය සේවාවන්ගෙන් ඉවතට නොයන බවට රජය වගබලා ගත යුතුය. ප්‍රසව හා නාරිවේද සංකූලතා හේතුවෙන් සියෙරා ලියොන් හි ස්ත්‍රීන් වැඩි ප්‍රමාණයක් 2013 – 2016 දී පැතිර ගිය ඉබෝලා වසංගතයේදී මිය ගොස් ඇත. ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවාවන්ට අවශ්‍ය සම්පත් සඳහා දරන පිරිවැය සහ අවධානය මෙම කාලයේදී වෙනත් අංශයන්ට යොමුකර තිබීම මීට හේතුවයි. ශ්‍රී ලංකාවේද මාතෘ මරණ, ළදරු මරණ ඉහළ යාමේ අවධානමක් ඇති වීමට මේ තත්වය හේතු විය හැකිය.
ස්ත්‍රීන් වැඩි පිරිසක් නියැලී සිටින රැකියා ක්ෂේත්‍රයන් වසා දැමීමේ අර්බුදයට ද ඉදිරියේදී ඔවුන්ට මුහුණදීමට සිදුවනු ඇත.
රටපුරා ඇඳිරි නීතිය පැනවීමත් සමග ඇඟලුම් කර්මාන්ත ශාලා වල සේවය කළ ස්ත්‍රීන් ගම්බිම් බලා පිටත් වුණි. මේ අතරින් සමහර පිරිස් යළි ගම්බිම් බලා යාමට නොහැකිව බස්නාහිර පළාත තුළ සිරවී සිටියි. විශේෂයෙන්ම, කර්මාන්ත ශාලා වලින් ඔවුන්ට ලැබෙන්නට තිබූ අවුරුදු පාරිතෝෂික ද අහිමිව ගිය පසුබිමක, කුලී කාමර වලට මුදල් ගෙවීමේදී ද මේ පිරිස් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදී සිටියි.
රූපලාවන්‍ය හා ඒ ආශ්‍රිත ස්වයං රැකියා වල නිරතවූ ස්ත්‍රීන්ගේ දෛනික ආදායම් මාර්ග ද ඇහිරී ගොස් තිබේ. ගෘහ සේවිකාවන් ලෙස දේශීයව රැකියා කළ පිරිස්, ළමාගාර වල රැකියා කළ පිරිස් වලට පවා මෙය දැඩිව බලපා තිබේ. ඒ නිසා සමාජ ආරක්ෂණය නොමැති පිරිස් වල ජීවනෝපායන් ආරක්ෂා කිරීමට හදිසි මූල්‍ය ආධාර අත්‍යවශ්‍ය වේ.
ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතයට දක්වන ප්‍රතිචාරය මේ සියළු කරුණු පිළිබද මනා අවබෝධයකින් යුතුව සකස් කරන්නක් විය යුතුය.
සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමු
කොවිඩ් පරදවමු!