Whatsapp 94 763 488622
සිංහල
  • සිංහල
සිංහල / தமிழ் / English
  • නිවස
  • උගනිමු
    • ඔසප් වීම
    • ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පවත්වා ගැනීම
    • ගබ්සා කිරීම
    • ගැබ් ගැනීමක් වළක්වාගත හැකි ක්‍රම
    • ගැබ් ගැනීමක් වළක්වාගත හැකි ක්‍රම
    • ගැබ් ගැනීම සහ මා පියභාවය
    • කැමැත්ත
    • සයිබර් සූරාකෑම
    • ලිංගික හැසිරීම් සහ තෘප්තිය
    • යහපත් සම්බන්ධතා ගොඩනංවා ගැනීම
    • හදිසි ගැබ් ගැනීම් වළක්වාගැනීම
    • ලිංගික හිංසන පිටු දැකීම
    • ලිංගික දිශානතිය
    • ස්ත්‍රී පුරුෂ සමාජභාවය
    • ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන
  • උගනිමු
    • ඔසප් වීම
    • ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පවත්වා ගැනීම
    • ගබ්සා කිරීම
    • ගැබ් ගැනීමක් වළක්වාගත හැකි ක්‍රම
    • ගැබ් ගැනීම සහ මා පියභාවය
    • කැමැත්ත
    • සයිබර් සූරාකෑම
    • ලිංගික හැසිරීම් සහ තෘප්තිය
    • යහපත් සම්බන්ධතා ගොඩනංවා ගැනීම
    • හදිසි ගැබ් ගැනීම් වළක්වාගැනීම
    • ලිංගික හිංසන පිටු දැකීම
    • ලිංගික දිශානතිය
    • ස්ත්‍රී පුරුෂ සමාජභාවය
    • ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන
  • සම්පත්
    • මිතුරු මූලාශ්‍ර
    • සමීක්ෂණ සහ පර්යේෂණ
    • වීඩියෝ
    • ගැලරිය
  • කියවන්න
    • අළුත් පුවත්
    • සංස්කෘතිය
    • පුරවැසි කතා
    • පින්තූර කතා
    • මිත්‍යා මත
    • අත්වැල
  • අපි කවුද
  • අමතන්න

  1. නිවස
  2. »
  3. උගනිමු
  4. »
  5. කැමැත්ත
  6. »
No posts found

සම්පත්

No subpages found.

සේවා

No subpages found.

සහාය දෙන්න

16-05-2025

කැමැත්ත

යහපත් ආදර සබඳතාවයක් යනුවෙන් හැදින්වෙන්නේ සන්නිවේදනය, විශ්වාසය, සහ සමානාත්මතාවය වැනි වටිනාකම් මත පදනම්ව පුද්ගලයන් අතර ඇතිවන අනෝන්‍ය ගෞරවයෙන් යුතු සහයෝගිමත් බැඳීමක්.

විවෘත, සහකම්පනය පදනම් කර ගත් සන්නිවේදනය යහපත් සබඳතාවයක පදනමයි;  සහකරුවන්ට / සහකාරියන්ට ඔවුන්ගේ සිතුවිලි, හැඟීම් සහ අවශ්‍යතා විවෘතව හා අවංකව කතා කරන්නට ඉඩ තිබෙනවා නම් එය යහපත් සම්බන්ධතාවයක් ගොඩනගනවා.

කැමැත්ත පල කිරීම යන්නෙන් අදහස් වන්නේ නිසි අවබෝධයකින් යුතුව එකඟවීමකි.  දැනුවත්ව කැමැත්ත පළ කිරීම ලිංගික ඇසුරක වගේම ආදර සම්බන්ධතාවයක අත්තිවාරමයි. අනෙක් පුද්ගලයාගේ දැනුවත් කැමැත්තෙන් තොරව ලිංගිකව හැසිරීම ලිංගික බලහත්කාරකමක් ලෙස හැදින්වෙනවා.

කැමැත්ත පල කිරීම පිළිබද ශ්‍රී ලංකාවේ නීතිය තුළද වගන්ති ඇතුළත් වනවා. ඒ දණ්ඩනීති සංග්‍රහයේ 363 වගන්තිය යටතේය.

කෙසේවුවත් මෙම වගන්තිය කැමැත්ත ප්‍රකාශ කිරීමේ වයස දැක්වීමටම යොදාගත් වගන්තියක් නොවේ. එයින් ඇත්තටම කියවෙන්නේ අවුරුදු 16 ට අඩු ගැහැනු ළමයෙකු සමඟ ලිංගික සංසර්ගයේ යෙදීම ‘ව්‍යවස්ථාපිත දූෂණයක්’ එනම් ගැහැනු දරුවා කැමැත්ත දුන්නා ද නැද්ද යන්න නොසලකා නීතිය ඉදිරියේ වරදක් ලෙස සලකන දෙයක් බවයි.

‘කැමැත්ත ප්‍රකශ කිරීමේ වයස’ යනු ලිංගික ක්‍රියාකාරකම්වල නියැලීම සඳහා දැනුවත් සහ ස්වේච්ඡා අවසරය ලබා දීමේ හැකියාව ඇතැයි නීත්‍යානුකූලව දක්වා ඇති වයසයි. මෙය නීතිමය මාර්ගෝපදේශයක් පමණයි. එය ලිංගික සබඳතා සඳහා අවශ්‍ය සදාචාරාත්මක, චිත්තවේගීය සහ මනෝවිද්‍යාත්මක සූදානම පිළිබඳ සියලු අංශ ආවරණය කරනවාද යන්න අපි සිතා බැලිය යුතු වනවා.

කැමැත්ත ප්‍රකාශ කිරීමේ වයස පිළිබඳ නීති ක්‍රියාත්මක වන්නේ බාලවයස්කරුවන් මුහුණ දිය හැකි හිංසන සහ සූරාකෑම් ආරක්ෂා කිරීම සඳහා යි. නමුත් ඕනෑම ලිංගික ඇසුරක නිරත වන විට විවෘත සන්නිවේදනය, අන්‍යෝන්‍ය ගෞරවය පදනම් කර ගත් කැමැත්තක් තිබිය යුතුයි.

පිරිමි ළමයින්ගේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ වයස පිළිබඳව සඳහනක් නොවීම මේ නීතිය තුළ ඇති අඩුපාඩුවක්.

මේ නීතිය යටතේ නීත්‍යානුකූලව බිරිඳ සහ සැමියා අතර වන ලිංගික ඇසුර ආවරණය කර නැහැ. එනම්, බිරිදගේ කැමැත්ත නැතිවත් සැමියාට ලිංගික ඇසුරක යෙදිය හැකියි. එය සාධාරණදැයි සිතා බලන්න.

මම මගේ සහකරුවන් සමඟ කැමැත්ත ගැන කතා කරන්නේ කොහොම ද?

ඔබේ සහකරු සමඟ කැමැත්ත පිළිබඳව කතා කිරීම යහපත් සබඳතාවක් ගොඩනගා ගැනීම සඳහා අත්‍යවශ්‍ය පියවරක්.  එකිනෙකාගේ සීමාවන් සහ ආශාවන් පිළිබඳව හවුල් අවබෝධයක් ඇති කර ගැනීමට කැමැත්ත ගැන කතා බහ කිරීම ඉතා වැදගත් වනවා.

දෙදෙනාගේම සීමා හදුනා ගැනීමට විවෘත සාකච්ඡාවක් පවත්වන්න. ඔබ දෙදෙනාටම විවෘතව සහ බාධාවකින් තොරව සංවාදයක් පැවැත්විය හැකි සුදුසු සහ

පුද්ගලික වේලාවක් සහ ස්ථානයක් සොයා ගන්න. එය මුහුණට මුහුණ හෝ ඩිජිටල් මාධ්‍යයක් හරහා හෝ විය හැකියි. කුමන මාධ්‍යක් භාවිත කරත් ඔබ දෙදෙනා ලිංගික ක්‍රියා ආරම්භ කිරීමට තරමක් හෝ කලින් මෙම සංවාදය සිදු කරන්න.

මක්නිසාද අපි ලිංගිකව උත්තේජනය වී සිටින විට අපට මෙවැනි සාකච්ඡාවක් කිරීම අපහසු වෙන්න පුළුවන්. ලිංගික ක්‍රියාකාරකමට කලිනුත් කැමැත්ත ලබා ගැනීම අවශ්‍යයි. නමුත් තමන් ගේ සීමාවන්, ආශාවන් ගැන සහකරු සමග කලින් කතා කර තිබුණොත් ලිංගික සම්බන්ධතාවය වඩාත් තෘප්තිමත් කර ගන්න පුළුවන්.

කැමැත්ත යනු අඛණ්ඩ සංවාදයක් බව මතක තබා ගන්න. හවුල්කරුවන් දෙදෙනාටම ආරක්ෂිත සහ ගෞරවනීය පරිසරයක් නිර්මාණය කිරීම මෙහි ඉලක්කයයි. ඒ වගේම කැමැත්ත ඕනෑම වෙලාවක අස් ගැනීමට පුළුවන්. ලිංගික ඇසුර මැදදී වුවත් දැන් ඇති, නවත්තන්න, එපා වැනි පැහැදිළි වචන යොදා ගනිමින් කැමැත්ත ඉවත් කර ගන්න පුළුවන්.

ඕනෑම අවස්ථාවක කැමැත්ත කඩ කළහොත්, ඔබට කළ හැකි දේ මෙන්න:

ඔබේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන්න:    ඔබට අනාරක්ෂිත බවක් හෝ අපහසුතාවයක් හෝ දැනේ නම්, හැකි ඉක්මනින් එම ස්ථානයෙන්/තත්ත්වයෙන් ඉවත් වන්න.

පැහැදිලිව සන්නිවේදනය කරන්න: ඔබේ සැපපහසුව සහ ආරක්ෂාව සහතික කරගැනීමෙන් පසුව කඩ කිරීම සිදුකළ පුද්ගලයාට ඔබේ හැඟීම කියන්න. ඔබ පත්වූ අපහසුතාවය ප්‍රකාශ කර ඔබේ සීමාවන්ට ගරු නොකළ බව ස්ථිරව කියන්න.

සහාය පතන්න: තත්ත්වය සාකච්ඡා කිරීමට සහ සහය ලබා ගැනීමට විශ්වාසවන්ත මිතුරෙකු, පවුලේ සාමාජිකයෙකු හෝ උපදේශකයෙකු වෙතට යන්න. විශේෂයෙන්ම ඔබ දිගින් දිගටම මේ සම්බන්ධයෙන් මනසින් පීඩා විඳින්නේ නම් , මග පෙන්වීම් සහ සහාය සැපයිය හැකි මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකු සමඟ කතා කිරීම සලකා බලන්න. මෙම කාලය තුළ සැනසීම සහ මග පෙන්වීම ලබා දිය සහය ජාලයක් ඔබ වටා ගොඩනගා ගැනීමට උත්සාහ කරන්න.

බලධාරීන් වෙත වාර්තා කරන්න: කැමැත්ත කඩ කිරීම අපරාධයකට, නීති විරෝධී ක්‍රියාකාරකමකට සම්බන්ධ නම් හෝ තර්ජනයක් නම් හෝ අදාළ බලධාරීන්ට සිද්ධිය වාර්තා කිරීම පිළිබඳව සලකා බලන්න.

වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වෙන්න: ලිංගික බලහත්කාරකමක් සිදුවුවහොත් වහාම ප්‍රතිකාර ලබාගන්න. ඔබට අනවශ්‍ය ගැබ්ගැනීමක් ඇති විය හැකි නම් හදිසි ගැබ්ගැනීම් වළක්වන පෙති ලබා ගන්න. ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් බෝ වී ඇත්දැයි පරීක්ෂා කර ගැනීම වැදගත්.

සිද්ධිය ලේඛනගත කරන්න: අවශ්‍ය නම්, දින, වේලාවන්, ස්ථාන සහ අදාළ සන්නිවේදනයන් ඇතුළුව කැමැත්ත කඩකිරීමේ විස්තර, සවිස්තර ලියා තබන්න. මෙය ඔබට ඉදිරියට ප්‍රයෝජනවත් වේවි.

නීතිමය ක්‍රියාමාර්ග සලකා බලන්න: කඩකිරීමේ බරපතලකම අනුව, ඔබට ඇති විකල්පයන් තේරුම් ගැනීමට ශ්‍රී ලංකා පොලිස් ළමා හා කාන්තා කාර්යංශය උපදෙස් ලබා ගන්න.

 

Social Share:
94 763 488622
www.bakamoono.lk
Disclaimer

© Reserved: The Grassrooted Trust (Guarantee) Limited – June 2016. This website is the property of The Grassrooted Trust (Guarantee) Limited operating under the name“Bakamoono”. General Disclaimer: The content on this website is most suitable for persons 16 years and older..

Copyright © 2024 by bakamoono.lk | All rights reserved .Technology Partner Cloudbuzz.lk .